___Advertisement___

 

test

Spice Up Your Blog

Saturday, November 15, 2014

චිත‍්‍රපටයක් රූගත කිරීමේ දී සෙනාලිට ඇබැද්දියක් (වීඩියෝව)

සෙනාලි ෆොන්සේකා චිත‍්‍රපටයක රූගත කිරීමක් අතරතුර ඇබැද්දියකට මුහුණ දුන්නා. සිරි පැරකුම් චිත‍්‍රපටයේ රූගත කිරීමක් අතරතුර ඇගේ කුකුලේ ඇති වූ තුවාලයකට ප‍්‍රතිකාර කිරීම අතරතුර ගත් වීඩියෝවක් මේ.

5 හැවිරිදි දරුවෙක් මයික්‍රොසොෆ්ට් විභාගය සමත් වෙයි

එංගලන්තයේ කොවෙන්ට්‍රි ප්‍රදේශයේ වෙසෙන 5 හැවිරිදි පිරිමි දරුවෙකු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පවත්වනු ලබන විභාගය සමත්වී ඇති බව වාර්තා වේ.
මෙම විභාගය සඳහා සමාන්‍යයෙන් පෙනීසිටින්නේ තොරතුරු තාක්ෂණ කාර්මික ශිල්පීන් (IT technician) බවට පත්වීමට බලාපොරොත්තු වන පුද්ගලයන් වේ.
මෙම විභාගය සමත්වීමත් සමඟ අයාන් කුරේෂි ලොව ලාබාලතම පරිගණක විශේෂඥයා බවට පත්වී තිබේ.

ලාංකික සරණාගතයින් ඉන්දියාවේදී උපවාසයක

ඉන්දියාවේ තිරුචි බන්ධනාගාරයේ විශේෂ කඳවුරක රඳවා සිටින ශ්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් උපවාසයක් ආරම්භ කර තිබේ. 

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ දිනයේ සිට මෙම පිරිස ආහාර වර්ජනය කරමින් මෙම උපවාසය සිදුකරන බවයි. 

තමන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා කඩිනමින් විභාග කරන ලෙස බලකරමින් ඔවුන් උපවාසයේ නිරත වන බව සඳහන් වෙයි. 

ලෝකයෙන් වැඩිපුරම හෝන් ගහන්නේ ලංකාවේ.. දෙවැනි තැන ඉන්දියාවට

වාහනවල නළා ලෝකයෙන්ම වැඩිපුරම ශබ්ද කරන රට ලංකාව බව ප‍්‍රවීණ තාරකා විද්‍යාඥ ලේඛක හා ලංකා දැනුම බැංකුවේ සභාපති අනුර සී පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ලොව රටවල් රැසක සංචාරය කර,කළ සමීක්ෂණයකින් හා ලිඛිත තොරතුරු ඔස්සේ කළ අධ්‍යනයකින් අනතුරුව ඉහත තොරතුරු අනාවරණය වූ බවයි.

‘මේ සමීක්ෂණයට ඇමෙරිකාව, එංගලන්තය, ජපානය, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව වගේ රටවල් රැුසක් යොදා ගත්තා. ලෝකයේ වැඩියෙන්ම හෝන් ගහන රට ලංකාව වෙද්දී දෙවැනියට වැඩියෙන්ම හෝන් ගහන්නේ ඉන්දියාවේ.

ගලේවෙල දිවිනසාගත් සිසුවාගේ සිද්ධිය පරිගණකයේ පටිගත වෙලා (වීඩියෝ සහිතයි)

ගලේවෙල, තලකිරියාගම ප්‍රදේශයේ පාසල් සිසුවෙකු තම නිවසෙහි ගෙළ වැළලාගෙන මියයාමේ සිද්ධියක් පිළිබඳ පසුගිය ඔක්තෝම්බර් 04 වැනිදා වාර්තා විය.
එහිදී අනාවරණ වූයේ ගෙළ වැළලාගෙන මිය ගිය සිසුවා අසල පරිගණකයක් ක්‍රියාත්මක වී ඇති බවයි. නමුත් එම පරිගණකයේ මුර පදයක් යොදා තිබීම හේතුවෙන් එම පරිගණකය ක්‍රියාත්මක වී තිබුණෙ කුමකටද යන්න සොයා ගත නොහැකි විය. මහේස්ත්‍රාත්වරයා එම අවස්ථාවේදී නියෝග කළේ පරිගණක විශේෂඥයෙකු විසින් පරීක්ෂා කර දන්වන ලෙසයි.

Friday, November 14, 2014

පාසල් සිසුන්ට මත් කුඩු විකිණූ අයෙකු අත්අඩංගුවට

තහනම් මත් කුඩු වර්ගයක කිලෝග‍්‍රෑම් 10ක තොගයක් සමග පුද්ගලයෙකු ආගරපතන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ මත්කුඩු වර්ගය පාකිස්තානයෙන් ආනයනය කර ඇති අතර, ග‍්‍රෑම් 18 බැගින් කුඩා ටින්වල අසුරා තිබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. ඒවා වැඩි වශයෙන් අලෙවි කර ඇත්තේ පාසල් සිසුන්ට බවද, එකක මිල රුපියල් 350ක් බවද විමර්ශනවලින් හෙළි කර ගැනුණා.

ගල් පර්වතයකට සිරවී සිටි කම්කරුවා බේරාගනියි

තලවාකැලේ, ළිඳුල ලෝගී වතුයායේ ගල් පර්වතයකට සිර වී සිටි කම්කරුවා අද පස්වරුවේ දැඩි පරිශ‍්‍රමයකින් පසුව බේරා ගෙන තිබේ. 

නිවසක් ඉදිකිරීම සඳහා ගෙපළ කැපීමට ගිය අවස්ථාවේදී ඔහු මෙම අනතුරට ලක් වී ඇති බව වාර්තා වෙයි. 

ඔබේ ඇපල් දුරකථනය අවදානමක – ඇමරිකානු රජයෙන් පණිවුඩයක්

iOS මෙහෙයුම් පද්ධතිය ක‍්‍රියාත්මක වන ඇපල් අයිෆෝන් සහ අයිපෑඞ් දුරකථන වලට නව බග් ප‍්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ඇති බව පරිඝනක ආරක්‍ෂණ විශේෂඥයින් විසින් අනතුරු හගවා ඇතැයි වාර්තා වේ.

මේ පිළිබඳව ඇමරිකානු රජයේ සයිබර් ආරක්‍ෂණ ඒකකය පවසා ඇත්තේ ජංගම දුරකථන හා ටැබ්ලට් භාවිතා කරන්නන් තමන් ක්ලික් කරන දේ පිළිබඳව අතිශයින් විමසිලිමත් විය යුතු බවයි.
iOS වැඩසටහන් අලෙවිසැලෙන් පරිබාහිරව පැමිණෙන වැඩසටහනක් ඔබේ දුරකථනයට ඇතුළත් කරගන්නා ලෙස පැමිණෙන පණිවුඩයක් ලෙස මෙම බග් ප‍්‍රහාරය පැමිණෙන බව ඇමරිකානු සර්ට් ඒකකය පවසා තිබේ.

මත්තලින් බැස්ස‍ දෙන්නාගේ පස්ස පැත්තේ රත්තරන් කිලෝ 3ක්!

ඩුබායි සිට රුපියල් එක්කෝටි 45 ලක්ෂයක් වටිනා රත්තරන් බිස්කට් 29ක් ගුද මාර්ගයේ සඟවාගෙන මත්තලින් ශ්‍රී ලංකාවට ගොඩබට දෙ‍න්නෙක් අත්අඩංගුවට ගත් බව රේගුව කියයි. 

57 හැවිරිදි වියේ පසුවන දෙදෙනෙකු වන ඔවුන් කොළඹ 10 හා කටුගස්තොට පදිංචිකරුවන් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි මහතා පවසයි. 

එක් අයෙකු රත්තරන් කිලෝ 1යි ග්‍රෑම් 300ක් එනම් රන් බිස්කට් 13ක් ගුද මාර්ගයෙක් සඟවාගෙන පැමිණ ඇති අතර අනෙකා රන් කිලෝ 1 ග්‍රෑම් 600ක් එනම් බිස්කට් 16ක් ඒ ආකාරයටම සඟවා ගෙන පැමිණ ඇත. 

දුම්බර සුපිරි සිරකරුවන්ට තරු පහේ හෝටලයකින් කෑම

අධිකරණයෙන් සිර දඬුවම් නියම කර මහනුවර දුම්බර බන්ධනාගාරයේ රදවා සිටින සුපිරි සිරකරුවන් අට දෙනෙකුට දිනපතා රාත‍්‍රී ආහාරය මහනුවර සුඛෝපභෝගී හෝටලයකින් ගෙන එන බව ආරංචි මාර්ග පවසයි.

මෙහි පාලන කටයුතු සදහා පසුගියදා විශෝධන මධ්‍යස්ථානයක සේවයේ යෙදී සිටි නිලධාරියෙකු පත්කර එවීමෙන් අනතුරුව මෙවැනි තත්ත්වයක් හටගෙන තිබෙන බවද පැවසේ.

රේගු සහ වැට් බදු වංචා සදහා අධිකරණය මගින් වසර 20 සිට 60 දක්වා සිර දඩුවම් නියම වූ පුද්ගලයන්ද මෙහි සිටිති.

Thursday, November 13, 2014

බාප්පයි කට්ටඬියයි දැරිය කෙලෙසලා

කට්ටඩියෙකු හා බාප්පා විසින් පාසල් දැරියක් දූෂණයට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා හොරොව්පොතාන පොලීසියේ ළමා කාන්තා කාර්යංශය විශේෂ පරික්ෂණයක්  ආරම්භ කර තිබේ.
හොරොව්පොතාන පොලිස් වසමේ පදිංචි 13 හැවරිදිබාලවයස්කාර ශිෂ්‍යාවක් මෙලෙස අවස්ථා දෙකකදී ඇගේ බාප්පා සහ පිටස්තර ප්‍රදේශයකින් පැමිණ දේවාලයක් පවත්වාගෙන යන යකදුරෙකු විසින් මෙලෙස දූෂණයට ලක් කර තිබේ. හොරොව්පොතාන පොලිස් වසමේ පිහිටි විද්‍යාලයක විදුහල්පතිවරයා විසින් සිදුකල පැමිණිල්ලක් මත මෙම පරික්ෂණ ආරම්භ කර තිබේ. 

බීමත් සැමියාට මුදල් යැවීමට වෙහෙසෙන ලංකාවේ ගෘහ සේවිකාවක් (වීඩියෝ)

මැද පෙරදිග රටවල ගෘහ සේවිකාවන්ට වධ බන්ධන පැමිණවීම ඇතුළු ඔවුන් මුහුණ දෙන දුෂ්කරතා පිළිබඳව කාලයෙන් කාලයට මාධ්‍ය තුලින් පළවේ. තත්වය එසේ තිබියදී අන්තර්ජාලය ඔස්සේ පසුගියදා හුවමාරු වූ වීඩියෝවකින් පෙන්නුම් කරනු ලැබුවේ බීමත් සැමියාට මුදල් යැවීම සඳහා කාන්තාවක වෙහෙසන ආකාරයයි. දුක් මහන්සි වී උපයන මුදලින් ලංකාවේ වෙසෙන ඇගේ සැමියා විනෝද වන අතරේ

මත්තල පාඩුව මිලියන 2756ක්

2013 වසරේ මාර්තු මාසයේ මත්තල ගුවන් තොටුපළ විවෘත කළ දා සිට 2014 සැප්තැම්බර් මාසය දක්වා රුපියල් මිලියන 2756 ක මෙහෙයුම් අලාභයක් ලබා ඇතැයි වාර්තා වෙයි.

මෙම කාලය තුළ මත්තල ගුවන් තොටුපළ ලබා තිබෙන සමස්ත ආදායම රුපියල් මිලියන 143.79කි. එම කාලය තුළදී ගුවන් තොටුපළ සමස්ත වියදම රුපියල් මිලියන 2900ක් බව වාර්තා වේ.

රෙදිපිළි සාප්පුවේදී අතවරයට පත් තරුණිය සිද්ධිය හෙළි කරයි (video)

දඹුල්ලේ රෙදිපිළි සාප්පුවක ඇඳුම් මාරු කරන කාමරයේදී  (13)  තරුණියක ස්පර්ශ කළේ යැයි කියන සිද්ධියට මුහුණ දුන් තරුණිය මාධ්‍ය අමතා සිද්ධිය විස්තර කළේය. 
එහිදී අතවරයට පත් තරුණිය එම සිද්ධිය මෙලෙස විස්තර කළේය. "එයා කිව්වා උඩට යන්න කියල. ඊට පස්සෙ මං උඩට ගියා. උඩට ගිහාම කිව්වා  ඕකෙන් ෆිටොන් කරලා බලන්න කියලා.

මතක අමතක නොවන පෙත්තක්

රෝග නිවාරණයට දහසකුත් එකක් පෙති වර්ග ඇති මේ කාලයේ මතකය වඩා ගැනීමටත් පෙත්තක් හදුන්වාදීමට යන ලකුණු බි‍්‍රතාන්‍යයේ ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්‍යාලයේ විද්‍යාඥ පිරිසක් සිදුකරමින් සිටින පරීක්ෂණයකට අනුව කරණු හෙළිකර ඇත.
 
මොළයේ මතක තබා ගැනීමේ හැකියාව වර්ධනය කරවා ගත හැක්කේ කෙසේදැයි සොයාබැලීමට පර්යේෂණ කරමින් සිටින මෙම විද්‍යාඥ පිරිස පවසන්නේ මොළයේ ඇතිවන නියුරෝන සබදතා ප‍්‍රමාණය වැඩි කර ගැනීමට හැකිනම් මතක තබා ගැනීමේ ශක්තියද ඉහළ දමා ගත හැකි බවයි ඔවුන් වැඩි දුරටත් පවසා සිටින්නේ.

Wednesday, November 12, 2014

කරාපිටියේ වෛද්‍යවරයෙකුගේ ප්‍රහාරයකින් හෙද සිසුවෙකුට තුවාලයි

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු තමාට පහරදී අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව කියමින් පුහුණුවන හෙද සිසුවෙක් ඉමදූව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. 
ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ අංක 06 වාට්ටුවේ රෝගීන් පරීක්ෂා කරන අතරතුරදී අදාළ වෛද්‍යවරයාගේ ඇ‍ඟේ හැපීම නිසා ඔහු කෝපයට පත්වී තමාගේ කනට සහ ඔළුවට ගසා අස්‍යභ්‍ය වචනයෙන් බැණ වැදුණේ යැයි පහර කෑ හෙද සිසුවා විසින් ඉමදූව පොලීසියට පැමිණිලි කර ඇති බව  කියයි. 

සිසුවියට අතවර කළ පරිගණක ගුරාගේ වැඩ වරදියි

කටුවන ප්‍රදේශයේ ජාතික පාසලක වයස අවුරුදු 15 ක පාසල් ශිෂ්‍යයාවකට බරපතළ ලිංගික අතවර සිදුකළ එම පාසලේ පරිගණක ගුරුවරයෙකු එළඹෙන 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 
තංගල්ල කාන්තා හා ළමා කාර්යාංශය විසින් අදාළ ගුරුවරයාව පසුගිය 10 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ(11) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි. 

නපුංසක විමේ සතුට සමරයි

බංගලාදේශය , ඉන්දියාව , පාකිස්ථානයේ  සිටින නපුංසකයින් පිරිසක්  විසින් ඩකා අගනුවර පා ගමනක් සමඟ සැණකෙළියක් පවත්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 මේ සියලු දෙනා පිරිමි මෙන් උපත ලබා පසුව ශල්‍යකර්ම හා වෙනත් ක්‍රම මගින් කාන්තාවන් ලෙස ලිංගික සැත්කම් සිදුකරගත් අයයි.

දඹුල්ල කැළඹූ තරුණයන් පස්දෙනා රිමාන්ඩ්

දඹුල්ල ප‍්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලකදී තරුණියකට අතවර කිරීමට උත්සහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස්දෙනා ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, දඹුල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් ජයම්පති රත්න දිවාකර මහතා ලබාදුන් නියෝගයකට අනුවයි. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන් අදාළ වෙළෙඳසැලේ සේවකයින් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. වෙළෙඳසැලෙහි ඇඳුම් මාරුකරන කුටිය තුළදී සැකකරුවන් තරුණියට අතවර කිරීමට උත්සහ දරා තිබෙනවා.

දළ මුවෙක් හමුවෙලා !

දළ දෙකක් සහිත කස්තුරි මුව රංචුවක් ඇෆ්ගන්ස්ථානයෙන් හමුව ඇතැයි වාර්තා වේ.
වනජීවී සංරක්ෂණ සංසදය විසින් මෙවැනි දළ සහිත පිරිමි හා ගැහැණු මුවන් දෙදෙනෙකු හා එක් යොවුන් මුවකු සිටින බව පවසයි.
මෙවැනි දුර්ලභ ගනයේ දළ මුවෙකු අවසන්වරට හමුව ඇත්තේ මීට වසර 60කට පෙරදීය.
කෙසේවවුද එරට පරිසරවේදින් පවසන්නේ මේ දුර්ලභ ගණයේ සත්වයා වඳවී ගොස් ඇත්තේ ඔවුන්ගේ දළ ලබාගැනීම සඳහා දඩයක්කරුවන් විසින් මරා දැමීම හේතුවෙනි.

Tuesday, November 11, 2014

මාතලේ සරසවි සිසුවියගේ ඝාතන සැකකරුගේ පාපොච්චාරණය මෙන්න

මාස හයකට ආසන්න කාලයක් අභිරහසක්ව පැවැති මාත‍ලේ වරාපිටියේ විසි හතර හැවිරිදි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධි අපේක්ෂිකාවක වූ ලලනි නදීශා මෙනවිය ඝාතනය කර දූෂණය කළ අයුරු, එම ඝාතනයට අත්අඩංගුවට ගත් ඩෙන්සිල් ජයවර්ධන නම් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තු නිලධාරීන් ඉදිරියේ පා‍පොච්චාරණය කොට තිබෙනවා. ඒ මෙසේය.

බදුලු කෝච්චියේ යන පියයුරු අල්ලන අනංගයා


දුම්රියේ තනිව ගමන් කරන කාන්තාවන් අසල වාඩි වී බිංගෙවල් තුළින් දුම්රිය ගමන් කරන විට එම කාන්තාවන්ගේ පපුව අතගාන අමුතුම තාලයේ අනංගයෙක් උඩරට දුම්රිය මාර්ගයේ සිටින බවට ඇල්ල පොලීසිය වෙත ලැබුණු තොරතුරකට අනුව සිදු කළ මෙහෙයුමකදී මෙම අමුතුම ආකාරයේ අනංගයා අත්අඩංගුවට ගැණුනු බව ඇල්ල පොලීසිය පවසනවා. තනිව දුම්රියට නගින කාන්තාව පිළිබඳ ඉතා සෝදිසියෙන් සිටින මෙම අනංගයා, යාප්පුවෙන් ලංවෙන මෙම පුද්ගලයා මෙලෙස උඩරට දුම්රිය මාර්ගයේ කිණිගම සහ දෙමෝදර අතර බිං ගෙවල් තුළින් දුම්රිය ගමන් කිරීමේදී කාන්තාවන්ගේ

මීරියබැද්දේ කැණීම්වලින් හමුවුණු රන් භාණ්ඩ උසාවියට

පසුගියදා නාය යාමකට ලක් වුණු මීරියබැද්දේ කැණීම්වලදී හමුවූ රන්භාණ්ඩ දේව ප‍්‍රතිමා සහ දේවලයේ පිං කැටය ඇතුළු දේපළ අයිතිකරුවන්ට හදුනා ගැනීම සදහා බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට බාරදුන් බව කොස්ලන්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් දයාසිරි මහතා පැවසීය.
දින 12ක කාලයක් ත‍්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ නිලධාරීහු එම ස්ථානයේ කැණීම් සිදු කළ අතර එහිදී

සැප කාර් බෙදාගන්න උතුරේ දෙමළ සන්ධාන මන්ත‍්‍රීවරු මරාගනිති

ඉන්දීය රජය විසින් උතුරු පළාත් සභා මන්ත‍්‍රීවරුන් වෙත පිරිනැමීමට නියමිත සුඛෝපභෝගී මෝටර් රථ බෙදා ගැනීම වෙනුවෙන් එහි දෙමළ සන්ධාන මන්ත‍්‍රීවරුන් අතර ගැටුම් හටගෙන තිබේ.
ඉන්දියාව විසින් පළමුව ලබා දෙන සුඛෝපභෝගී මෝටර් රථ 07 ක් බෙදා ගැනීම සම්බන්ධයෙන් මෙම ගැටුම්කාරී තත්වය උත්සන්න වී ඇත.

කාන්තාවන්ගේ වාහන නවතා තෘප්තියක් ලබන පොලිස් නිලධාරියෙකු ගැන හෙළිවෙයි (video)

එක් පොලිස් නිලධාරියෙකු මෝටර් සයිකල්වලින් යන කාන්තාවන් අනිවාර්යෙන්ම නවත්වන බවත් තමන් ඒ පිළිබඳ සතියක් එම ක්‍රියාව පිළිබඳ අධ්‍යයනය කළ බවත් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි. හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පොලීසියේ ක්‍රියා කලාපය මන්ත්‍රීවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය. “මේ මෙතන පොකුණුවිට අපේ මායිම තියෙන්නේ එතනින් පටන් ගත්තහම ඉංගිරිය දක්වා මේ තරම් කණ්ඩායම් යොදවලා ඉන්නවා මාර්ගයක.

Monday, November 10, 2014

රාත්‍රී බස් සේවාව නිසි ‍සැරිය ලෙස හඳුන්වයි

රාත්‍රී කාලයේ ගමන් ගන්නා මගීන්ගේ පහසුව වෙනුවෙන් ක්‍රියාත්මක බස් සේවාව නිසි සැරිය ලෙස හැඳින්වීමට පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ. 

රාත්‍රී කාලයේ දී බස් රථ විධිමත්ව ධාවනය නොවන බැවින් ඊට විසඳුමක් ලෙස මෙම නිසි සැරිය බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය. 

පෞද්ගලික බස් රථ සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මෙම සේවාවේ නිරත වන අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ. 

චීන හා රුසියානු කතුන් එක්ක ලිංගික ඇසුර තහනම්

චීන හා රුසියානු කාන්තාවන් සමග ලිංගික ඇසුරක් පැවැත්වීමෙන් වළකින ලෙස බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් සියලූම නිලධාරීන්ට උපදෙස් දී ඇතැයි වාර්තා වේ.

රුසියානු FBS බුද්ධි අංශය විසින් මිථ්‍යාචාරයන් හෝ හෙළිවීමට අකමැති ලිංගික හැසිරීම් හෝ නිර්මාණය කර ඒවා බ්ලැක්මේල් කරමින් විදේශික ඒජන්තයන් අවනත කරගැනීමට උත්සහ දැරීමට ඇති ඉඩකඩ පිළිබඳ සවිස්තරව දක්වා ඇතැයි පැවසේ.

චීන බුද්ධි අංශ ස්වභාවයෙන්ම තොරතුරු සඳහා කෑදර හා නොවෙනස් එළඹුමක් දක්වන බවත් ඔවුන් බ්ලැක්මේල් කිරීම් හරහා හෝ සියලූම ආකාරයේ දත්ත සඳහා උනන්දුවක් දක්වන බවත් බි‍්‍රතාන්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශ වාර්තාවේ දැක්වේ.

වීර පුරන් අප්පු කාණුවට වැටිලා !

වසර 1848 විමුක්ති අරගලයේ නියමුවකු වු  වීර පුරන් අප්පුගේ පිළිරුවක් මේවන විට මාතලේ  කොහොබිලිවලවල කුණු කාණුවක් අසල තිබේ.
වසර 1812 නොවැම්බර 7 වැනිදා මොරටුව ලක්ෂපතියේදී උපන් පුරන්අප්පු ඇතුළු සිංහල වීරයින් බ්‍රිතාන්‍ය රජය විසින් අත්අඩංගුවට ගෙන පිරිස විසිරවීම සදහා 1948 ජුලි 29 වැනිදා මෙම ස්මාරකය ඉදි කැරිණි. මෙය පුරා විද්‍යා ස්මාරකයකි .

මළ සිරුරක් ඇදගෙන කි.මි 17ක් දුර ගිය වාහනය මාට්ටු

නාවලපිටියේ සිට ගම්පොළ දක්වා කිලෝ මීටර් 17 ක පමණ දුරක් මහාමාර්ගය දිගේ පුද්ගල මළ සිරුරක් ඇදගෙන ගොස් තිබු වෑන් රථය ගම්පොළ පොලිසිය විසින් සොයා ගෙන තිබේ. 

සී.සී.ටී.වි කැමරා පද්ධතිය තුළ පටිගත වී තිබු දර්ශන අනුව පරීක්ෂණ පවත්වමින් සිටි පොලිසිය දින 03 කට පසු මෙම වෑන් රථය සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. 

බෝගම්බර බන්ධනාගාරයේ භාණ්ඩ අතුරුදන්වීම පිළිබඳ පරික්‍ෂණ සී.අයි.ඩි.යට

බෝගම්බර බන්ධනාගාරයෙන් ඉවත් කෙරුණු ඉපැරණි ගොඩනැගිලි ද්‍රව්‍ය අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳ සොයා බැලීම අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ බන්ධනාගාර නිලධාරීන් මේ පිළිබඳ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි එහි ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ. මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණක කොමසාරිස්වරයාගේ ප‍්‍රධානත්වයෙන් තවත් පරික්‍ෂණයක් පැවැත්වෙනවා.

ආශ්චර්යයේ පාලම වැසේ

2014 ජනවාරි මස 16වැනි දින දැවැන්ත ප්‍රචාරයක් ලබා දෙමින් ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබූ වේයන්ගොඩ ගුවන් පාලම දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.
ගුවන් පාලම මත අතුරා ඇති කාපට් ගැලවී යාම නිසා එය අලුත්වැඩියා කිරීමට පාලම වසා දමා ඇති බව පැවසේ. පසුගිය 8වෙනි දින සිට පාලම වසා දමා ඇති අතර ඒ හේතුවෙන් වාහන ගමනාගමනයේදී දැඩි තදබදයක් නිර්මාණය වී තිබේ.
මාස 10ක් ඉක්ම යෑමටත් මත්තෙන් පාලම මෙසේ අබලන් වී ඇත්තේ නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකර ඇති නිසා බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

බොරු ධාතු පෙන්වා ගුටි කා රෝහලේ

නිවසට බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වැඩම කර ඇතැයි ප‍්‍රචාරය කර ප‍්‍රදේශයේ ජනතාව මුලා කල හම්බන්තොට මිරිජ්ජවිල ප‍්‍රදේශයේ නිවැසියන් කිහිප දෙනෙකුට ප‍්‍රදේශවාසීන් විසින් පහර දී ඇත.
පහර කෑමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයෙකු හම්බන්තොට පොලීසිය මැදිහත් වී හම්බන්තොට රොහලට ඇතුළත් කොට තිබේ.
මෙම ප‍්‍රදර්ශනයට සහය දැක්වූ මිරිජ්ජවිල සමුද්‍රාරාමයේ විහාරාධිපති කිරින්දේ කරුණාසාර හිමියන්ටද කෝප වූ ප‍්‍රදේශයේ ජනතාවගෙන්

Sunday, November 9, 2014

බොරැල්ල කනත්තේ මිනී වළවල්වල මිල ගණන් ඉහලට.. වලක් 150,000යි..

කොළඹ නගර සභාව විසින් නගර සභාවට අයත් සුසාන භූමිවල කැබලි වටිනාකම පවතින මිලට වඩා දහගුණයකින් පමණ ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව මළ සිරුරක් භූමදානය කිරීමට වර්ග අඩි හතරක භූමියක් වෙන් කෙරෙන අතර බොරැල්ල කනත්තේ පමණක් එම භූමි ප‍්‍රමාණයට ඉදිරියේදී රුපියල් එක්ලක්ෂ හැටදහසක මුදලක් අය කෙරේ. දැනට එම භූමි ප‍්‍රමාණයට අය කෙරෙන මුදල රුපියල් 15,000කි.

මහේලගේ ශතකය වතුරේ, තරගාවලියත් පරදියි

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග හයිද්‍රාබාද් හි පැවති තුන්වන එක්දින තරඟය කඩුලූ 6 කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (09) සමත් විය.
මේ තරගය ජය ගැනීමත් සමඟ දෙරට අතර තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලිය මේවන විට 3 - 0ක් ලෙස  ජයගැනීමට  ඉන්දියාව සමත් විය .
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 48.2 කදී සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 242 ක් පමණි.
එහිදී හුදකලා සටනක නිරතවූ මහේල ජයවර්ධන ලකුණු 118 ක් ලබාගත්තේය.

පොලීසියට අලි ප්‍රහාරයක් - පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක්

ගිරාඳුරුකෝට්ටේ මිල්ලැත්තාව ප්‍රදේශයේ දී පොලිස් නිලධාරින් ගමන් කළ කැබ් රථයකට වන අලි ප්‍රහාරයක් එල්ල වී තිබේ. 
ඊයේ රාත්‍රි 9.55ට පමණ ඔවුන් වන අලි ප්‍රහාරයට ලක්ව ඇත. 
මිල්ලැත්තාව ගම්මානයට වන අලි ගම්වැදි ඇති බවට පොලිස් හදිසි ඇමතුම් අංකයට තොරතුරක් ලැබී ඇත. 
ඒ අනුව නිලධාරින් කණ්ඩායමක් පොලිස් කැබ් රථයෙන් එම ප්‍රදේශයට ගමන් කරමින් සිටින අතරතුර දී මෙම වන අලි ප්‍රහාරයට ලක්ව ඇති බව සඳහන්ය. 
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X