___Advertisement___

 

test

Spice Up Your Blog

Saturday, November 8, 2014

දෙන්නාගෙම යට ඇඳුම් 8ක ලක්ෂ 590ක රන් බිස්කට්

රුපියල් පන්කෝටි අනූ ලක්ෂයක් පමණ වටිනා රන් කිලෝ 11යි ග්‍රෑම් 800ක් සිංගප්පූරුවේ සිට මෙරටට රැගෙන ආ වත්තල පදිංචි යුවළක් කටුනායකදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 
ඔවුන් විසින් රන් බිස්කට් 118ක් ගෙනැවිත් ඇත්තේ යට ඇඳුම්වල සඟවාය. 
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණි පවසන පරිදි කාන්තාවගේ යට ඇඳුම් 4කින් රන් කැබලි 48ක්ද, පිරිමියාගේ යට ඇඳුම් 4ක රන් කැබලි 70ක්ද තිබී සොයාගෙන ඇත. 

ගිලන් රථය පදිකයාට මරුවා කැඳවයි

උහන, ගොනාගොල්ල ප්‍රදේශයේ දී ගිලන් රථයක ගැටීමෙන් පදිකයෙකු මියගොස් තිබේ. 

ගොනාගොල්ල ග්‍රාමීය රෝහලට අයත් ගිලන් රථය ඊයේ රාත්‍රී 8.30ට පමණ අම්පාර දෙස සිට රෝහල වෙත පැමිණෙන අතර වාරයේ දී මාර්ගය හරහා ගමන් කරමින් සිටි අදාළ පුද්ගලයා ගැටී ඇති බව වාර්තා වෙයි. 

තව වසර 40කින් හඳෙන් ගෙවල්ගත හැකියි !

තවත් වසර 40 ක් වැනි කාලයකදී සඳ මත ජනාවාස ඇතිකළ හැකි අභ්‍යාවකාශ ඒජන්සියේ පර්යේෂකයින් පවසන බව විදෙස් වාර්තාවල දැක්වේ.
සඳ මත ඉදිකළ හැකි නිවහනක සැළැස්මක් ඉදිරිපත් කරමින් යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය මේ බව පවසා තිබේ.
මෙම නිවහන තැනීමට යොදාගන්නේද සඳ මතින් ලබාගන්නා අමුද්‍රව්‍යවලින් වීමද විශේෂිතය.
ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ආධාරයෙන් නිවස තැනීමට අවශ්‍ය කොටස් නිපදවා ගන්නා බව පර්යේෂකයින් කියා සිටී.

මී හරකෙක් ගුවන් යානයක හැපිලා !

ඉන්දියාවේ ස්පයිස් ජෙට් සමාගමට අයත් ගුවන් යානාවක් ගුවන්ගත කිරීමට සූදානම් වන මොහොතේදී ගුවන් පථයට මී ගවයෙකු කඩා වැදීම නිසා අනතුරක් සිදුව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
මේ අනතුර සිදුව ඇත්තේ සුරත් ගුවන්තොටුපළේදී වන අතර  අනතුරින් මී ගවයා ජීවිතක්ෂයට පත්වී ඇත.
කෙසේවුවද ගුවන් යානයේ සිටි මගීන්ට හෝ එහි කාර්යමණ්ඩලයට කිසිදු අනතුරක් සිදුව නොමැත.

Sunday, November 2, 2014

'ෆේස් බුක්' පින්තූරවලටත් පොලීසියට දඬුවම් -ජනපති

ෆේස්බුක් වෙබ් අඩවියේ වැටෙන පින්තූරවලටත් පොලිස් නිලධාරීන්ට දඬුවම් පමුණුවන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ,  පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ තෝරා ගත් විශේෂ පොලිස් නිලධාරීන් 5,000ක පිරිසක් ඊයේ (01) අරලියගහ මන්දිරයට කැඳවා පැවති වූ විශේෂ හමුවකදීය.
ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත බව පැවසෙන ජනාධිපතිවරණයට පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු තනතුරු දරණ නිලධාරීන්ගේ සහය ලබා ගැනීම සදහා අතිවිශේෂ සංග්‍රහයක්  සමගින් මෙම සාදය සංවිධානය කර තිබිණ.

මුස්ලිම්වරුන් වෙනුවෙන් නිපදවූ ජංගම දුරකථනයක්

රුසියානු ජංගම දුරකථන සමාගමක් විසින් මුස්ලිම්වරුන් සඳහා විශේෂවූ දුරකථන මාදිලියක් නිපදවා ඇතැයි වාර්තා වේ.
රුසියානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ බී.කියු මොබයිල් සමාගම විසින් නිපදවා ඇති ජංගම දුරකථනය රුසියානු මුස්ලිම්වරුන් අතර බෙහෙවින් ජනපි‍්‍රය වනු ඇති බවයි.
මෙම දුරකථනය නිපදවීමට පෙර විශේෂඥයන් විසින් ඉස්ලාම් බැතිමතුන්ගේ දෛනික අවශ්‍යතා පිළිබඳ විමසීමක් සිදුකළ බව රුසියානු මුස්ලිම්වරුන්ගේ මධ්‍යම ආගමික පරිපාලන ආයතනයේ නියෝජිත ටිමූර් ඉමායෙව් පවසා තිබේ.

පොලිස් ලොක්කා පොලිසියේදිම කොටුවෙයි

කඳාන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා පොලිස් ස්ථානය තුළදීඅල්ලස් ලබා ගැනීමට සූදානම් වීමේදී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ නිලධාරීන් විසින් අද (03) උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.
රථවාහන නඩුවක් සම්බන්ධයෙන් එම අංශයේ ස්ථානාධිපතිවරයා රුපියල් 7000ක මුදලක් අල්ලස් ලෙස

ජනෙල් නැති ප්ලේන් හදන්න හදයි

ජනෙල් නැති අපූරු ගුවන්යානයක සංකල්පයක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය සමාගමක් කටයුතු කර තිබේ.
මෙම ගුවන්යානයේ ජනෙල් වෙනුවට ගුවන්යානයේ එක් කොණක සිට අනෙක් කොණ දක්වා විහිදෙන විශාල අධි තාක්ෂණික තිරයකි.
ගුවන්යානයේ පිටත සවිකර ඇති කැමරා වලින් ගනු ලබන ඡායාරූපයන් හා වීඩියෝවන් එම තිරය මත නිරතුරුව දර්ශනය වේ.
මේ නිසා ඉදිරියේදී කවුළුවක් ළඟ ඇති ආසනයකට පොර කෑමට අවශ්‍යතාවක් නොවනු ඇතැයි පැවසේ.
 සියලූම දෙනාට ගුවනේ සුන්දරත්වය නෙත පිරෙන්නටම දැක ගන්නට හැකිය.
කිසිවෙකුට අන්තර්ජාලයේ සැරීමට අවශ්‍ය වුවේ නම් ඊටද පහසුකම් මේ තිරයේ ඇත.

'පොලිසිය සැලකුවේ ගණිකාවකට වගේ'

නාඳුනන පිරිසක් විසින් පැහැර ගනු ලැබීමෙන් අනතුරුව පොලිසියට ගිය අවස්ථාවේ ගණිකාවක ලෙසින් අඟවා අපහාස කරමින් පොලිස් නිලධාරීන් තමන් තවදුරටත් අපහසුතාවයට පත් කළ බව සෙනසුරාදා රාත්‍රියේ අනුරාධපුරයේදී පැහැර ගැනීමට ලක් වූ දෙදරු මවක වන මයුරි ඉනෝකා කුමාරි ජයසේන පවසයි.
එකොලොස් මස් වියැති නිවුන් දරු දෙදෙනාට කිරි පිටි මිලදී ගැනීමට අනුරාධපුර කඩමණ්ඩියට ගිය අවස්ථාවේ හදිසියේම ත්‍රී රෝද රථයට ගොඩ වූ සද්දන්ත පුරුෂයකු තමාට පරුෂ වචනයෙන් බැන වැදී, මුහුණට තුවක්කුවක් එල්ල කොට තම දෑත් ගැට ගසා ඇස් බැඳ වෙනත් වෑන් රථයකට දමා ගෙන පැය එකහමාරක් පමණ පරුෂ වචනයෙන් බැන වදිමින් ගමන් කළ බව ඇය බීබීසී සංදේශයට කියා සිටියාය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X