___Advertisement___

 

test

Spice Up Your Blog

Saturday, November 1, 2014

කොළඹ වරාය නගරයේ කුඩා යාත්‍රා නැවතිය හැකි වරායක්

කොළඹ වරාය නගරයේ කුඩා යාත්‍රා නැවතිය හැකි වරායක් ඉදිකිරීමේ හැකියාව සොයා බැලීම සඳහා අධ්‍යයනයක් කිරීමට චීන වරාය ඉංජිනේරු සමාගම විසින් Atkins සමාගම පත් කරයි.
කුඩා යාත්‍රා සඳහා කොළඹ වරාය නගරයේ ඇතිවිය හැකි ඉල්ලුම, භාවිතා කළ හැකි යාත්‍රා පිළිබඳව මෙන්ම ඉදිකළ යුතු වරාය දියකඩනයේ ස්වරූපය පිළිබඳවත් මෙහිදී අධ්‍යයනය කිරීමට නියමිතය.

නැගෙනහිර තෙල් සෙවීමට සමාගම් කැමැත්ත පළ කරයි

නැගෙනහිර මුහුදු තීරයේ ඛණිජ තෙල් දත්ත ගවේෂණය කිරීම සඳහා සමාගම් කිහිපයක කැමැත්ත පළ වී ඇති බව ඛණිජ සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලය පවසයි. 
ඊට අමතරව මන්නාරම් ද්‍රෝණියේ එක කොටසකට සහ කාවරි ද්‍රෝණියේ ගවේෂණ කොටස් 02 කට තෙල් සමාගම් විසින් ටෙන්ඩර් ඉදිරිපත් වී ඇති බව ඛණිජ සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ප්‍රීනි විතානගේ මහත්මිය පැවසුවේය.

13 හැවිරිදි සිසුවා සියදිවි හානිකරගනියි

එරාවුර්, මාවඩිවෙම්බු ප්‍රදේශයේ නිවසක් තුළ පැසැල් සිසුවෙකු ගෙල වැලලාගෙන මියගොස් තිබේ. 
මියගොස් ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි 13 හැවිරිදි පැසැල් සිසුවෙකි. 
තම පාසලේ සිසුන් සහ පවුලේ සාමාජිකයින් අතර ඇතිවු අමනාපයක් හේතුවෙන් ඔහු සියදිවි හානි කරගෙන ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ. 

චීන්නු 5දෙනා ලංකාවට ආවේ ඇයි?

චීන ජාතිකයින් 05 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තැබීමට ගුවන් තොටුපළ බලධාරීන් පියවර ගෙන තිබේ. 
මෙම චීන ජාතිකයින් 05 දෙනා කැතේ පැසිපික් ගුවන් සේවයට අයත් සී.එක්ස් 611 දරණ ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11.10 ට පමණ මෙරටට පැමිණ ඇති බව වාර්තා වෙයි. 

ඒ අනුව මොවුන්ගෙන් ගුවන් තොටුපළ බලධාරින් ලංකාවට පැමිණිමට හේතුව සහ ආපසු ගමන් කිරීමට ගුවන් ටිකට් පත් තිබේද යන්න විමසා තිබේ.

සෙනසුරු මාරුව හෙට ?

ජෝතිෂ්‍යවේදය අනුව හෙට (02දා) රාත්‍රි 9.05ට සෙනසුරු මාරුවක් සිදුවන බව ජනාධිපතිවරයාගේ ප්‍රධාන දෛවඥයා වන  සුමනදාස අබේගුණවර්ධන මහතා පවසයි.
මෙම ග්‍රහ මාරුව පිළිබඳව කළ විමසීමකදී ඒ මහතා ප්‍රකාශ කෙළේ ජෝතිෂ්‍යවේදයට අනුව මෙම සෙනසුරු මාරුව අනිවාර්යයෙන්ම හෙට (2දා)  සිදුවන බවයි.
එහිදී සෙනසුරු ග්‍රහයා තුලා රාශියේ සිට වෘශ්චික රාශියට ගමන් කරන බව කී අබේගුණවර්ධන මහතා, 1955 නොවැම්බර් 12 දා සිට 1958 ජුනි 2 දා දක්වාත්, 1984. 12. 20 දා සිට 1987.12.17දා දක්වාත් සෙනසුරු ග්‍රහයා එසේ වෘශ්චික රාශියේ රැඳී සිටි බවද කීය.
සෙනසුරු ග්‍රහයා එක් රාශියකින් තවත් රාශියකට ගමන් කිරීමට දළ වශයෙන් අවුරුදු 2 1/2ක් ගතවන බවත්, රාශි වළල්ලේම ගමන් කිරීම සඳහා සෙනසුරු ග්‍රහයාට අවුරුදු 30ක් ගතවන බවත්, 2014.11.02 වෘශ්චික රාශියට පැමිණෙන සෙනසුරු ග්‍රහයා 2017.10.26 දක්වා එම රාශියේ රැඳී සිටින බවත් අබේගුණවර්ධන මහතා කීය.
මෙම සෙනසුරු මාරුව රටට, දේශපාලනික වශයෙන් හෝ කාලගුණික වශයෙන් හෝ විශාල බලපෑමක් නොකරන බව පෙන්වා දෙන ඒ මහතා ලග්න අනුව ජනතාවගේ සුබ අසුබ තීරණය වන බවද කීය.

Friday, October 31, 2014

දිනක ආදායම ලක්‍ෂ දෙක පනී.. ගබ්සා දොස්තර කූඩුවේ..

පානදුර වලාන පොලිස් මධ්‍යම මර්දන ඒකකය කල වැටලීමකින් කොළඹ කොල්ලූපිටියේ නීති විරෝධී ගබ්සා මධ්‍යස්ථානයක් වටලා එහි වෛද්‍යවරයා  අත්අඩංගුවට ගෙන ගබ්සාවක් සිදුකරගෙන සිටි කාන්තාවක් රෝහල්ගත කර ඇත.
මෙහි ගබ්සා සිදු කර ගැනීම සදහා රුපියල් 20000 සිට 25000  දක්වා මුදල් ලබාගෙන ඇති බවත්සැකකාර වෛද්‍යවරයා විසින්

මීරියබැද්ද නායයාමට පෙර දිස්වූ අයුරු

කොස්ලන්ද, මීරියබැද්ද ප‍්‍රදේශයේ පසුගියදා සිදුවූ නාය යාමෙන් 190ක පමණ පිරිසක්ව අතුරුදන්ව ඇති අතර මේවනවිටත් එම ප්‍රදේශයේ සොයාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වේ. මීරියබැද්ද ප්‍රදේශය නාය යාමට පෙර ලබාගත් චන්ද්‍රිකා ඡායාරූප වල දිස්වන ආකාරය සහ මේ වන විට දිස්වන අයුරු. මීරියබැද්ද ප්‍රදේශයට කිලෝමීටර් 5ක් පමණ දුරින් පිහිටි කොස්ලන්ද නාකැටිය ප්‍රදේශය 1997 වසරේදී විශාල නාය යාමකට ලක්විය. නාකැටියේ නායයාමින් ජීවිත හානිය 7ට පමණ සීමා වුවද, එය මෙරට නායයාම් අතරින් දැවැන්තම නායයාමක් විය.

Google වෙතින් මිනිස් සිරුරේ ලෙඩ රෝග හොයන සෙවුම් පද්ධතියක්

පිළිකා හෝ හෘද රෝග ආදිය වැළඳීමේ අවදානම පිරික්සා බැලීම සඳහා මිනිස් සිරුර තුළට නැනෝ රොබෝවන් සහිත සෙවුම් පද්ධතියක් යෙදීමට ගූගල් සමාගම විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ගූගල්හි රහසිගත පර්යේෂණ හා සංවර්ධන අංශය වන ගූගල් එක්ස් විසින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලැබේ.
මෙහිදී බෙහෙත් පෙත්තක් විසින් සිරුරට ඇතුළු කරන රතු රුධිරාණුවකින් 1/1000න් කොටසක් තරම් පළලින් යුතු නැනෝ රොබෝවන් විසින් රෝගී ෙසෙල සොයාගෙන ඒ පිළිබඳව අතේ පැළඳි සංවේදකයකට වාර්තා කරනු ඇත.

ලංකාවට ගෙන්වූ අලුත්ම ගුවන් යානය මෙන්න

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සමාගම වන ශ්‍රීලංකන් ගුවන් සමාගමට අලුතින් එකතුවන එයාර්බස්  A330 -300 වර්ගයේ ගුවන් යානා 6න් පළමු වැන්න මෙයට ස්වල්ප වෙලාවකට ප්‍රථම කටුනායක ගුවන්තොටුපොල වෙත ගොඩ බස්වා තිබේ.

ප්‍රවේශම්වන්න..මිනිස්‌ මළ සහිත 'ජල බෝතල්' තවමත් වෙළෙඳපොළේ

නුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු පානීය ජල බෝතල් අලෙවි කළ සමාගම් දෙකක නිෂ්පාදනය තහනම් කිරීමට මාළිගාකන්ද මහේස්‌ත්‍රාත් අධිකරණය මගින් නියෝගයක් නිකුත් කර තිබේ. පාරිභෝගික අධිකාරිය මගින් වෙළෙඳපොළෙන් ලබාගත් ජල සාම්පල රජයේ වෛද්‍ය පරීක්‍ෂකයකු වෙත යොමුකර ඇති අතර එහිදී මෙරට ප්‍රසිද්ධ සන්නාම දෙකක්‌ වන ක්‍රිස්‌ටල් සහ කේ. චොයිස්‌ යන ජල බෝතල්වල මිනිස්‌ මළවල අන්තර්ගත බැක්‌ටීරියා සහිත බව තහවුරු වී තිබේ.

Thursday, October 30, 2014

ජනප්‍රිය නළු නිළියන්ගේ ප්ලාස්ටික් සැත්කම් වැරදුනු හැටි

බොහෝ නළු නිලියන් නැවතත් තරුණ වීම සඳහා ප්ලාස්ටික් සැත්කම් වල පිහිට පැතීම වර්තමානයේ සුලභ කරුණක් බවට පත්වී තිබේ. එවන් ප්ලාස්ටික් සැත්කම් කිරීමට ගොස් අසාර්ථක වූ නළු නිළියන්ගේ ඡායාරූප එකතුවක් බලන්න පහතින්
1) පැමෙලා ඇන්ඩර්සන් තුන් වරක් පියයුරු කෘතිමව විශාල කොටගෙන හතරවෙනි වතාවට නැවතත් පියයුරු කුඩා කරගැනීමේ සැත්කමක් කරගෙන ඇත.

රුපියල් 1500 සිට විකිණු කෘත‍්‍රිම ලිංගික අවයව තොගයක් අල්ලයි

කෘත‍්‍රිම ලිංගික අවයව හොරෙන් අලෙවි කිරීම සම්බන්ධයෙන් වරද පිළිගත් විත්තිකරුවන් දෙදෙනෙකුට රුපියල් 10000 බැගින් දඩයක් ගෙවන ලෙස මහර අතිරේක මහේස්ත‍්‍රාත් මහින්ද ප‍්‍රභාත් රණසිංහ මහතා චූදිතයන්ට නියෝග කළේය.
විලවුන් උපකරණ හා ඖෂධ පනත යටතේ ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යෂක කාර්යාලය මගින් මෙම සැකකරුවන් දෙදෙනාට විරුද්ධව නඩු පවරා තිබුණි.

කුඩ්ඩෝ අටක් පෝරකේට

ශ්‍රී ලංකා මුහුදු සීමාවේදී හෙරොයින් ග්‍රෑම් 955.4ක් ළඟ තබා ගත් බවට වරදකරුවන් වු ඉන්දිය ජාතිකයින්පස් දෙනකුට හා ශ්‍රී ලාංකිකයන් තිදෙනකුට අද (30) අද මරණ දඬුවම නියම විය. කොළඹ මහාධීකරණ විනිසුරු ප්‍රීතීපද්මන් සූරසේන මහතා නියෝගය ලබා දුනි. මේ අතර මත්කුඩු ජාවාරමට සම්බන්ධ බව කියන සම්පත් සඳරුවන් නමැත්තෙකු දෙමටගොඩ ප‍්‍රදේශයේදී අද උදෑසන ඝාතනයට ලක්වුණා.

ජනපති මීරියබැද්දට පැමිණෙයි

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෙළිකොප්ටර් යානයකින් කොස්ලන්ද - හල්දුම්මුල්ල, මීරියබැද්ද පෙදෙසට ගොඩබැස්ස බව අද දෙරණ වාර්තාකරු පවසයි. 
නායයාම හේතුවෙන් පීඩාවට පත් ජනතාව ගැන සොයාබැලීම හා කඩිනම් සහනසේවා සැපයීම විධිමත් කිරීම මෙම සංචාරයේ අරමුණ බැව් සඳහන්ය. 
එසේම ජනාධිපතිවරයාගේ මෙම නීරීක්ෂණය අතර තුරදී පීඩායට පත් දරුවන් ආරක්ෂා කිරීමට ළමා රක්ෂණ අධිකරියට පියවර ගන්නා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් ලබා දී ඇති බවද වාර්තා වෙයි.

පුංචි දූපුතුන් 182ක් කොස්ලන්දේ අනාථයි

 හල්දුම්මුල්ල, මීරියබැද්ද කන්ද නායයෑමෙන් වයස අවුරුදු 12 අඩු දරුවන් 182දෙනෙකු අවතැන් වී ඇති බවත් කොස්ලන්ද දෙමළ මහා විද්‍යාලයේ එම පිරිස් රඳවා ඇති බවත් වාර්තා වෙයි.
ඒ අනුව වයස අවුරුදු 12ට අඩු ගැහැණු දරුවන් 82ක්ද, වයස අවුරුදු 12ට අඩු පිරිමි දරුවන් 100ක්ද, කාන්තාවන් 179දෙනෙකුද, පිරිමි පුද්ගලයින් 157දෙනෙකුද අවතැන් කඳවුරුවල සිටි.මීට අමතරව පූනාගල දෙමළ මහා විද්‍යාලයේ පවුල් 100කට වැඩි පිරිසක් රැදී සිටින බව වාර්තා වෙයි.

Wednesday, October 29, 2014

තාවකාලික පෙම්වතුන් සමගින් චීනය පුරා ලිංගික සවාරියක් යන යුවතියක්


Ju Peng of Shanghai නමැති 19 හැවිරිදි චීන යුවතිය චීනය පුරා ලිංගික සවාරියක් යාමේ පුවතක් විදෙස් මාධ්‍යවිසින් වාර්තා කොට තිබේ. චීනයේ නගරයෙන් නගරයට සංචාරය කරමින් එක් නගරයක එක් තාවකාලික පෙම්වතෙකු සමගින් කාලය ගත කිරීමට ඇය සැලසුම්කොට තිබේ. ඇය චීනයේ සුප්‍රකට Weibo වෙබ් අඩවියේ "තාවකාලික පෙම්වතුන්" සිරස්තලය යටතේ දැන්වීමක් පළකරමින් කියා ඇත්තේ "හොඳ පෙනුම ඇති, අවරුදු 30 ට අඩු, මීටර 1.75 ට වඩා උස, ධනවත් තරුණයන් සොයන බවය.

ඔබේ රහස් හොරාගන්න Flashlight Apps ඔබේ ෆෝන් එකෙත් තියෙනවද ?


ලොව පුරා සිටින මිලියන ගණනක් වූ ඇන්ඩ්‍රොයිඩ් ස්මාර්ට් ජංගම දුරකතන භාවිත කරන්නන් ඔත්තුකරුවන් වීමේ අවදානමක් ඇතැයි ආරක්ෂාව පිළීබඳ අමෙරිකානු විශේෂඥයින් අවවාද කරනවා. සමාර්ට් ජංගම දුරකතන සඳහා නොමිළයේ හඳුන්වාදී ඇති ෆ්ලෑෂ්ලයිට් ඇප්ලිකේෂන් (Free Flashlight Apps) මගින් මෙම තත්වය උදා වී ඇති බවයි ඔවුන් පවසන්නේ. ෆ්ලෑෂ් ලයිට් ඇප්ලිකේෂන් මගින් පුද්ගලයින්ගේ අතිශය රහසිගත ක්‍රියාකාරකම් සහ අවස්ථා රහසිගතව පටිගත කරනු ලබන බවයි මෙම ආරක්ෂක විශේෂඥයින් පෙන්වා දෙන්නේ.

ස්ත්‍රී පුරුෂ භාවයේ පරතරය වැඩි වෙලා

ලෝක ආර්ථික සංසදය විසින් සලකා බලන ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ පරතරයේ දර්ශකයට අනුව රටවල් 142ක් අතරින් 2014 වසරේදී ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 79 වැනි ස්ථානයයි.
මේ අතර, ස්ත්‍රී පුරුෂ භාවය පිළිබඳ පරතරයේ දර්ශකය 2005 වසරේ සිට සමස්තයක් ලෙස පුළුල් වූ රටවල් 6ක් පමණක් දක්වා ඇති අතර, එහි ශ්‍රී ලංකාවද වෙයි.
එහි සෙසු රටවල් අතර, මාලි, ක්‍රොඒෂියා, මැසඩෝනියා, ජෝර්දාන් සහ ටියුනීසියා යන රටවල් වෙති.

සමලිංගික ආදරය නොඉවසූ බස් රියදුරුට එරෙහිව පරීක්‍ෂණයක්

පිරිමි සමලිංගික යුවලක් බස් රථයක් තුළ සිපගනු දුටු රියදුරු කෝපාවිෂ්ඨවී ඔවුන් දෙදෙනා බස් රියෙන් බස්වා ගොස් ඇතැයි වාර්තා වේ.
අංක 89 දරන බස් රථයක් දකුණු ලන්ඩනයේ බ්ලැක්හීත් ප‍්‍රදේශය පසුකරමින් සිටියදී මෙය සිදුවී ඇත.  සමලිංගික සිපගැනීමෙන් උරණවී ඇති රියදුරු බැණවැදී ඇත්තේ තමන්ගේ බස් රථය තුළ එවැන්නක් සිදුවනු දැකීමට තමන් අකමැති බවයි.
විමතියට පත්වූ 23 හැවිරිදි ජැක් ජේම්ස් සහ ඔහුගේ මිතුරා රියදුරා බැණවදින්නේ තමන්ටදැයි විමසූ අවස්ථාවේදී තම රථයේ ක‍්‍රියාත්මක වන්නේ තමන්ගේ නීතිය බැවින් බසයෙන් ඉවත් වන ලෙස නියෝග කළ බව පැවසේ.

සිසුවා ගුරුවරිය දුෂණය කර මරා දමයි

සිසුවකු විසින් 74 හැවිරිදි පෙර පාසල් ගුරුවරියක දුෂණය කර මරා දැමීමේ සිදුවීමක් පේරාදෙණිය, කිරිබත්කුඹුර ප්‍රදේශයෙන් වාර්තා වෙයි.
පොලීසිය පවසන්නේ පෙර පාසල් ගුරුවරිය බැනවැදීම හේතුයෙන් කෝපයට පත් වු සිසුවා ඇයව දූෂණය කර ගෙල මිරිකා ඝාතනය කර ඇතියි.

Tuesday, October 28, 2014

වාහන මිල බහින්නේ මෙහෙමයි !

මෙවර අයවැයෙන් ආනයනික වාහන සඳහා පැවති බදු සරල කිරීම හේතුවෙන් වෑන් රථවල මිල විශාල ප‍්‍රතිශතයකින් පහත වැටෙනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය කියයි.
එසේම මේ බදු අඩුවීමේ වාසිය සඳුදා සිටම භුක්ති විදිමට හැකි බවද ඔහු පෙන්වා දෙයි.
මෝටර් රථ ආනයනයේදී පැනවෙන විවිධ බදු වෙනුවට මෙවර විශේෂ විධිවිධාන නිෂ්පාදන බද්දක් පැනවීමට යෝජනාවී ඇත.
මෙමඟින් වාහන ආනයනය කිරීමේදී මෙතෙක් අයකළ විවිධ බදු වෙනුවට සරල බද්දක් පනවා ඇති බව ලංකා වාහන ආයනයකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේය.

බොරතෙල් මිල වාර්තා ගත ලෙස පහළට

වසර හතරකට ආසන්න කාලයක් තුළ ලෝක ‍වෙළඳපොලේ බොරතෙල් මිල වාර්තාගත  ලෙස පහළ බැස ඇති බව වාර්තා වේ. ඒ අනුව ආසන්න වශයෙන් මේ වනවිට බොරතෙල් බැරලයක මිළ ඩොලර් අසූවකින් පමණ අඩු වී ඇති බව පැවසේ. මැදපෙරදිග කලාපයේ පැතිරයන දරුණු යුදමය වටපිටාවක් යටතේ මෙසේ බොරතෙල් මිල පහළ වැටීම පිළිගත නොහැකි බව ආර්ථික විශේලේෂකයින් ප්‍රකාශ කරයි.

ක්‍රිකට් පිලට මනෝ වෛද්‍යවරයෙක් කැඳවයි

ශ්‍රී ලංකා ක්‍රිකට් පිලට විශේෂ මනෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගැනීමට තීරණයවී ඇතැයි වාර්තා වේ.
ඊයේ (27) පැවැති ශ්‍රී ලංකා ක්‍රිකට් විශේෂ විධායක කමිටුවේදී මේ තීරණය ගෙන තිබේ.
ඒ අනුව එංගලන්ත ජාතික මනෝ වෛද්‍ය විශේෂඥ ජෙරම් ස්නේප් මහතා අදාලසේවයට බඳවා ගැනීමට නියමිතය.

අගහරු මත දරුවන් බිහිකරන්න උත්සාහයක්

අගහරු ග‍්‍රහයා මත මිනිස් ජනාවාසයක් ඉදිකිරීම සඳහා වන මාර්ස් වන් මෙහෙයුම මේ වන විටත් ආරම්භ කර තිබුණද එලෙස ගොඩනගන ජනාවාසයට සිය වර්ගයා බෝ කිරීම සඳහා හැකියාව පවතීද යන්න සැක සහිත බව වාර්තා වේ.
සූර්ය ග‍්‍රහමණ්ඩලයේ ග‍්‍රහලෝක අතරින් පෘථිවියෙන් පසු ජීවත්වීම සඳහා සුදුසුම ස්ථානය වන අගහරු මතට 2024දී පළමු පදිංචිකරුවන් සිව්දෙනා යැවීම මාර්ස් වන් හි පළමු ඉලක්කයයි.
මේ සඳහා මේ වන විටත් අයදුම්පත් 80000ක් ලැබී ඇති අතර ඉන් තෝරාගන්නා සිව්දෙනාගේ අගහරු චාරිකාව නෙදර්ලන්ත රියැලිටි ටී.වී වැඩසටහනක් වනු ඇත.
කෙසේවෙතත් මාර්ස් වන් ව්‍යාපෘතිය පවසන්නේ අගහරු මත දරුවකු බිහිකිරීම ඔවුන් වෙත පණවා ඇති නීති අතරින් එකක් වන බවයි.

රාවණා රජුට දඬුමොනර තිබී නෑ – පුරා විද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්

සමහරැන් රාවණා රජ කෙනෙක් ගැන කියමින් ඉතිහාසය විකෘති කරන බව පුරාවිද්‍යා  අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායක  මහතා පවසයි.
ශ‍්‍රී ලංකා පුරා විද්‍යාඥයන්ගේ  සභාව සංවිධානය කළ මාධ්‍ය සාකච්ජාවකට සහභාගී වෙමින ඒ මහතා මේ බව කියා සිටියේය.
‘රාවණා වෘත්තාන්තයක් පවත්වාගෙන යන පළියට පොතක ලියැවුණු පමණට කිසිම සාධකයක් නොමැතිව ලාංකීය ඉතිහාසය වෙනස් කළ නොහැකියි.  පුරාවිද්‍යාවේ කාර්යයභාරය වන්නේ යමක් පැවසීම හෝ ඒ පවසන සියල්ල පිළිගැනීම නොවේ.

Monday, October 27, 2014

අපද්‍රව්‍ය නලයෙන් කසිප්පු එළියට

අපද්‍රව්‍ය බැහැර කිරීමට ස්ථිර ලෙසසකස් කළ නළ පද්ධතියක් යොදා ගනිමින් හබරාදූවලණුමෝදර ප‍්‍රදේශයේ නිවසක කලක් තිස්සේ පවත්වාගෙන නීතිවිරෝධී මත්පැන් පෙරනස්ථානයක් පොලීසිය විසින් වටලා තිබේ. මත්පැන් පෙරීමට යොදා ගන්නාගෝඩා ඩ‍්‍රෑම් 11,752 ක් ද

බීලා යාමේ විපාකේ

පැරණි නගරය දෙසට අධික වේගයෙන් ධාවනය කළ සුඛෝපභෝගී මෝටර් රථයක් අනුරාධපුර ඩි.එස්. සේනානායක වටරවුමේ හැපී උඩුකුරුව පෙරලීමෙන් අනතුරට ලක්වී මෝටර් රථයට බරපතල අලාභහානි සිදුවිය. ඊයේ(26)රාත්‍රී 8.30ට පමණ මෙම අනතුර සිදු වූ අතර මෝටර් රථය පැදවූ තරුණයා අධික ලෙස බීමතින් සිටි අතර ඔහු සමග අනෙක් අසුනේ ගමන්ගත් තරුණයාද අධික ලෙස බීමතින් සිටි බව පොලීසිය පවසයි. 
අධික වේගයෙන් පැමිණි මෝටර් රථයේ වේගය පාලනය කර ගැනිමට රියදුරාට නොහැකිවීමෙන් එය උඩින් විසිවී ගොස් වටරවුමේ විදුලි පහනක් සවිකර තිබූ විශාල කොන්ක්‍රීට් කණුවේ ගැටී මෝටර් රථය උඩුකුරුව පෙරැලි විනාශ විය.

දියණිය මරා දැමූ පා පියා ට මාංචු

ඉකුත් 24 වෙනි දින රාගල, ස්ටැෆෝර්ඩ් හංදියේ පදිංචිව සිට ඇති සිඟිති දියණිය ගේ ගෙල සිරකර මරා දැමූ සැකකාර පියා නොවැම්බර් මස 05 දින දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමට නුවරඑළිය වැඩබලන මහේස්ත‍්‍රාත් නලින් තිලකා හේරත් මහත්මිය විසින් නියෝග කළේය. දැරිය මරා නිවසේඇඳ යට සඟවා තිබියදී හමුවූ අතර මෙසේ මියගොස් ඇත්තේ වයස 3 1/2ක් වන සුරේනි ඒන්සියා නැමති කුඩා දැරියකි.ප‍්‍රදේශ වාසීන් කිහිපදෙනෙකු සහභාගීත්වය ඇතිව දැරියගේ

තමා පැහැරගත් යාචකයාගෙන් පිය සෙනෙහස අයැදින දරුවාගේ කතාව

යාචකයෙක් අම්බලන්ගොඩ බස් නැවතුම්පළේ සිය මිත්තණිය සමග රැය පහන් කරමින් සිටි අරුමුගම් සුබ්‍රමනියම් බුද්ධික නැමැති සිව් හැවිරිදි සුරතලා අඳුරේම පැහැර ගෙන ගියේය. ඒ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ දිනයකදීය.
පැහැර ගනු ලැබූ බුද්ධික දරුවාගේ පියා ආරුමුගම් සුබ්‍රමනියම්ය. මව නඩරාසා ජීවරානිය. බුද්ධික කුඩා කළ සිට හැදී වැඩුනේ සීයා හා ආච්චිගේ රැකවරණය යටතේය. බුද්ධිකගේ සීයා විතානගේ ජයරත්නය. ආච්චි වඩිවෙල් සෙල්ල පාකා්‍යම්ය. බුද්ධිකගේ මව හා පියා මෙන්ම ආච්චිත් සීයාත් දුප්පතුන්ය. ඔවුන් අකුරැස්ස ප්‍රදේශයේ තේ වත්තක තේ දලු නෙළා දිවි සරිකර ගත්තේ යන්තමිනි.
ඉකුත් වසරේ දෙසැම්බර් මාසයේ දිනෙක බුද්ධිකත්, ආච්චිත්, බේරුවලට පිටත්ව යන්නේ ආච්චිගේ සහෝදරියකගේ නිවසටය. සහෝදරියගේ නිවසේ සිට ආපසු පැමිණෙද්දී රෑ බෝවිය. රාත්‍රියේ නෙළුවට යන බස් රථයක් නොමැති වීම නිසා ඔවුහු අම්බලන්ගොඩ බස් නැවතුමේ රාත්‍රිය ගත කළහ.

බඩ වියත රකින්න වීදුරු කයි [video]


සිය දරුවන් දෙදෙනා සහ බිරිඳ රැක බලාගැනීමට සිරුරට වද දෙමින් විදුලි බුබුළු වල වීදුරු ගිල දමන හා බිඳ දමන ලද වීදුරු කැබලි මත වැතිර වීදුරු පොඩි කරන මිනිසෙක් වව්නියාව බස් නැවතුම්පළේදී ජනතාව ඉදිරියේ ප‍්‍රදර්ශනය කරද්දී හමුවිය.
මෙම ක‍්‍රියාව පිළිබඳව අදහස් දැක්වූ ඞී. කරුණාරත්න ”මම දඹුල්ලේ ඉඳන් එන්නේ මගේ අතපය හොඳින් තියෙන නිසා මට හොරකම් කරලා මුදල් හොයාගන්න බැරිකමකුත් නැහැ එත් මම ඒවා ඉගෙන ගත්තෙත් නැහැ ඒවා අවශ්‍යත් නැහැ

Sunday, October 26, 2014

මියගිය හදවතට යළි පණ දෙයි

මියගිය හදවතක්’ යොදා ගෙන කළ ප්‍රථම හදවත් බද්ධ කිරීමේ සැත්කම සිදු කළ බව ඕස්ට්‍රේලියාවේ වෛද්‍යවරු පිරිසක් පවසති.
බද්ධ කිරීම සඳහා හදවත් ලබා ගැනීම මෙතෙක් සිදුවුයේ මොලය මියගිය බවට සනාථ වූ එහෙත් හෘදයේ ස්පන්දනය නතර නොවූ පුද්ගලයන් වෙතිනි.
එහෙත් ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර සාන්ත වින්සන්ට් රෝහලේ වෛද්‍යවරු විසින් සොයාගනු ලැබුවේ ස්පන්දනය නතරවී විනාඩි විස්සක් දක්වා කාලයක් ගතවූ හදවතක් වුවත් බද්ධ කළ හැකි බවයි.
තමන් අවුරුදු දහයකින් තරුණ වුවා සේ දැනෙන බව  මෙලෙස හදවත් බද්ධකිරීමකට ලක්වූ ප්‍රථම කාන්තාව පැවසුවේය.

'කොටි බියක් මවා ඡන්ද ගන්න හදනවා'

යුරෝපා අධිකරණය මගින් එල්ටීටීඊ සංවිධාය තහනම් කිරීමට පෙර ඒ පිළිබදව පැවති නඩු විභාගයේදී පාර්ශ්වකරුවෙකු ලෙස ඊට මැදිහත්ව එල්ටීටීඊ සංවිධානය පිළිබදව සැබෑ කරුණු ගෙන හැර පෑමේ වගකීමක් ආණ්ඩුව සතුව තිබුණද,  ආණ්ඩුව එම වගකීම පැහැර හැර ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන ‘ඇත්ත‘ පුවත්පත කියා සිටී.
ආණ්ඩුව එසේ ක්‍රියා කළේ යුරෝපා සංගමය එල්ටීටීඊ තහනම ඉවත් කළ පසු ඉදිරි ජනාධිපතිවරණයේදී එය දේශපාලන වාසියට යොදා ගැනීමට බවද එම පුවත්පත අනාවරණය කරයි.

ලොව පුරා ඉබෝලා ආසාධිතයන් 10000 ඉක්මවයි

ලොව පුරා ඉබෝලා ආසාධිතයන් පිරිස 10,000 ඉක්මවා ඇති බවත්, ඉබෝලා මරණ සංඛයාව 4,922ක් ලෙස පන්දහසකට ආසන්න වෙමින් පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නවතම දත්ත පෙන්වා දෙයි.
මේ අතර, ඉබෝලා වසංගතයට ගොදුරු වූ නවතම රට ලෙස මාලි රාජ්‍යයද පත්ව ඇති අතර, වයස අවුරුදු දෙකක දැරියක් ඉබෝලා හේතුවෙන් ජීවිතක්ෂයට පත්වීමත් සමග මෙම අවදානම ඇති වී තිබේ.එම දැරිය සමග පුද්ගලයන් 40ක් පමණ ඇසුරු කර හෝ ආසන්නයට ගොස් ඇති බැවින් ඔවුන්ද මේ වනවිට නිරෝධායන ක්‍රියාවලියට යොමුකොට ඇති බව කියැවෙයි.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X