___Advertisement___

 

test

Spice Up Your Blog

Saturday, October 25, 2014

රියදුරෙකුට පහරදී 35,000 ක මුදලක් කොල්ලකයි

හගුරන්කෙන නගරයේ ති‍්‍රරෝද රථ නැවතුම් පොලේ සිටි රියදුරෙකුට පහරදී ඔහු සතු රුපියල් තිස් පන් දහසක මුදලක් නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් කොල්ලකා පලාගොස් තිබෙනවා. පහර කෑමට ලක් වූ පුද්ගලයා පොලීසියට පවසා ඇත්තේ අංක තහඩු නොමැති ලොරි රථයකින් පැමිණ ඔවුන් මෙම කොල්ලය සිදුකර ඇති බවයි.

දර කැඞීමට ගිය පුද්ගලයෙකුට වලස් ප‍්‍රහාරයක්

ති‍්‍රකුණාමලය, මොරවැව රක්‍ෂිතයේ දර කැඞීමට ගිය පුද්ගලයෙකු වලසෙකුගේ ප‍්‍රහාරයට ලක්ව තුවාල ලබා රෝහලගත කර තිබෙනවා. පොලීසිය පැවසුවේ ප‍්‍රහාරයෙන් මෙම පුද්ගලයාගේ මුහුණට දරුණු තුවාල සිදුව ඇති බවයි. පළමුව මහදිල්වැව ග‍්‍රාමීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව වැඩිදුර ප‍්‍රතිකාර සදහා ඔහු ති‍්‍රකුණාමල මහරෝහලට මාරුකර යැවුණා.

වාහන මිල හෙට සිට පහතට ආනයනකරුවන්ගෙන් තීරණයක්

අයවැය මගින් වාහන ආනයනයේදී අයකළ බදු අඩු කිරීමේ වාසිය හෙට සිට පාරිභෝගිකයාට ලබාදීමට කටයුතු කරන බව ශී‍්‍ර ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

Friday, October 24, 2014

කල්පිටියේ වෙළඳසැලක් අළු!

කල්පිටිය නගරයේ වෙළඳසැලක් තුළ ගින්නක් හටගෙන තිබේ. 
අද අළුයම හටගත් ගින්න මේ වන විට පොලිසිය සහ නාවික හමුදාව එක්ව මැඩපවත්වා ඇති බව සඳහන්ය. 
කල්පිටිය නගරයේ ඉන්ධන පිරවුම්හල ආසන්නයේ පිහිටි වෙළඳසැලක් මෙලෙස ගිනිගෙන තිබේ.

14 වියැති දැරිය මාමාගෙන් අතවරයට ලක්වෙලා

වයස අවුරුදු 14 යි මාස 07 ක බාල වයස්කාර දැරිවියක සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා ගෙන ගොස් ඇය සමග ලිංගික ඇසුරක් පැවැත්වූ බව කියන තරුණයෙකු අත්අඩංගුවට ගැනීම සදහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව ආණමඩුව පොලීසිය කියයි. 
අතවරයට ලක්ව ඇත්තේ ආණමඩුව පොලිස් වසමේ ආඩිගම - පුනවිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි පාසල් සිසුවියකි. 
අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරු අතවරයට පත් දැරියගේ මාමා කෙනෙකු බවට හෙළිවී ඇති බව පොලීසිය කියයි. 

ඔහු වයස අවුරු 28 ක තරුණයෙකු බව තම දුවට සිදුවී ඇති අපරාධය සම්බන්ධයෙන් දැනගෙන ඇති මව මේ බව පොලීසියට පැමිණිලි කරමින් පවසා ඇත.

අයවැය සාරාංශයක්

ඒක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ 10වැනි අයවැය ජනපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (24දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. මෙවර අයවැය සහන අයවැයක් ලෙසින් හඳුන්වාදිය හැකිය. අයැවයෙන් රජයේ සේවයන්ට, පෞද්ගලික අංශයේ සේවකයන්ට ඇතුළු බොහෝමයකට සහන අත්විය. සුපුරුදු පරිදි මෙවර අයවැයෙන් වැඩිම මුදලක් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයට වෙන්කර තිබේ. එම මුදල රුපියල් බිලියන 285කි. අධ්‍යාපන අමාත්‍යාංශයට වෙන්කර තිබෙන මුදල රුපියල් බිලියන 47කි .
වරාය හා මහාමාර්ග අමාත්‍යාංශයට රුපියල් බිලියන 200ක මුදලක් වෙන්කර ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 139කි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයට රුපියල් බිලයන 113ක මුදලක් වෙන් කර තිබේ. 2020 වසරේදී ශ්‍රී ලංකාවේ ඒක පුද්ගලික ආදායම ඩොලර් 7500 දක්වා වර්ධන කරමින් ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ලබන රටක් බවට පත්කිරීම සන්ධාන රජයේ අවධානය

ශ්‍රී ලංකාව චීන බැංකුවේ කොටස්කරුවෙකු වෙයි

චීනය විසින් ආරම්භ කළ ආසියානු යටතල පහසුකම් හා ආයෝජනය සඳහාවන බැංකුවේ කොටස්කරුවෙකු බවට පත්වන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (24දා) සිදුකළ අයවැය කතාවේදී පැවැසීය. චීනය ඇතුළුව මෙම බැංකුව සඳහා ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය, කුවේටය, ලාඹ්සය, මැලේසියාව, මොංගෝලියාව, තායිලන්තය, සිංගප්පූරුව, කටාර් ඇතුලු රටවල් 21ක් ඇතුළත් වෙයි. ඇමෙරිකාවේ

හිරේ දුක කියන්න සිරකරුවෝ වීදි බසිති

සිරගත ජීවිතයේ දුක්බර තත්ත්වය පිළිබඳ මහජනතාවට අවබෝධයක් ලබාදීම සඳහා සිරකරුවන් රඟ දක්වන වීදි නාට්‍ය මාලාවක් අපරාධ බහුලව පවතින ප්‍රදේශවල රඟ දැක්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. අපරාධ බහුලව පවතින ප්‍රදේශවල පාසල් නොයන ළමයින් අපරාධවලට යොමුවීම වැළැක්වීමට සහ අපරාධවලට යොමුවූවන් ඉන් ගලවා ගැනීම අරමුණු කරගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

මාලඹේ මුද්‍රණ ආයතනයේ ගින්න ගැන පොලිසියෙන් විමර්ශන


මාලඹේ තලාහේන ප‍්‍රදේශයේ මුද්‍රණ ආයතනයක අද උදෑසන ඇති වූ ගින්න සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. පොලිස් මූලස්ථානය පැවසුවේ රස පරීක්‍ෂක වාර්තාවක්ද ලබාගන්නා බවයි. මෙම ගින්නෙන් මුද්‍රණ ආයතනයේ ඉදිරිපස කොටස විනාශයට පත් වුණා. ගින්න මැඩපැවැත්වීම සදහා ශී‍්‍ර ජයවර්ධනපුර කෝට්ටේ මහනගර සභාවේ ගිනි නිවන ඒකකයේ රථ 3 ක් යෙද වූ බව නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා.

Thursday, October 23, 2014

වෙරිමතින් මහනුවරදී දුම්රියක් නැවතූ හත් දෙනෙකු රිමාන්ඞ්


මහනුවර සිට කොළඹ බලා ඊයේ සවස ධාවනය වූ නගරාන්තර සීග‍්‍රගාමී දුම්රිය බලහත්කාරයෙන් කඩුගන්නාව දුම්රිස් ස්ථානය ආසන්නයේ නතර කළ එම දුම්රියේම ගමන්ගත් පුද්ගලයන් හත් දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ අධික ලෙස බීමතින් සිට ඇති මෙම පුද්ගලයන් 7 දෙනා කඩුගන්නාව දුම්රිය ස්ථානය ආසන්නයේදී දුම්රිය මාර්ගයේ නිදාගෙන ඇති බවයි. මේ නිසා දුම්රිය ධාවනය පැය භාගයකින් පමණ ප‍්‍රමාද වී තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවීමත් සමගම එම ස්ථානයට පැමිණි කඩුගන්නාව පොලිසියේ් නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගනු ලැබුවා. අනතුරුව සැකකරුවන් මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් වසන්ත කුමාර මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 29 වනදින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

සිගමනට යොදාගන්නා දරුවන්ගේ ඇත්ත මවුපියන් සොයයි

දරුවන් ළඟ තබාගනිමින් සිගමන් යදින කාන්තාවන්, පිරිමින් සතුව සිටින දරුවන් ඔවුන්ගේම දරුවන්ද යන්න සොයාබැලීමට පොලීසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර තිබේ. රථවාහන තදබදයකදී සහ සංඥා පුවරු අසල රථවාහන නවත්වන අවස්ථාවේදී සිගමන් යදින පිරිස් අත්අඩංගුවට ගැනීමටත් මෙම මෙහෙයුමේදී කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. දරුවන් ළඟ තබාගෙන සිගමන් යදින බොහෝ පිරිස් ළඟ සිටින්නේ ඔවුන්ගේ දරුවන් නොවන බවට

රුසියන් යුද නැවක් කොළඹ වරායේ

රුසියන් නාවික හමුදාවට අයත් යුද්ධ නෞකාවක් වන “මොස්ක්වා” 23 වන දින උදෑසන කොළඹ වරායට පැමිණියේය. සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවිකසම්ප්‍රදායන්ට අනුව පිළිගන්නා ලදී. මෙම අවස්ථාවට සමගාමීව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති, අලෙක්සැන්ඩර් ඒ කාර්චවා මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් සර්ජෙයි අයි. ටේ‍රානෙව් නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා හමුවී සුහද පිළිසඳරක නිරත වූහ. මෙහිදී ඔවුන් අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදුවිය.

ජනපති මහින්දගේ 10 වන අයවැය අද පාර්ලිමේන්තුවට

අරලියගහ මන්දිරයේදී විශේෂ කැබිනට් රැස්වීමක්

2015 වසරට අදාළ අයවැය ලේඛණය අද පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනවා. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අයවැය ලේඛණය ඉදිරිපත් කරනු ඇති. අයවැය ලේඛණයට අදාළ විසර්ජන පනත් කෙටුම්පත ඉකුත් මස 26 වනදා අග‍්‍රාමාත්‍ය දී මූ ජයරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. ඒ අනුව 2015 වසරේ රජයේ වියදම රුපියල් බිලියන 1812 ක්. එම වියදම පියවා ගන්නා ආකාරය ඇතුළත් යෝජනාවලිය ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් පාර්ලිමේන්තුව හමුවට අද ඉදිරිපත් කෙරෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ 10 වන අයවැය ලේඛණය මෙය වන අතර නිදහසින් පසු ශී‍්‍ර ලංකා පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කරන 69 වන අයවැය

කෝටිපතියා ළිඳට පැන්නාද? දැමුවාද?

රුපියල් කෝටි දෙකහමාරක ලොතරැයි වාසනාවක් හිමිවූ ගල්ගමුව, වැටකුළුවාගම ප්‍රදේශයේ වයස අවුරුදු 38ක පුද්ගලයෙකු වගා ළිඳකට වැටී මියයාම සම්බන්ධයෙන් පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. 
ඊයේ රාත්‍රී 10ට පමණ මෙය සිදුව ඇති බව අප වාර්තාකරු කියයි. 
මොහු ළිඳට වැටුණාද, එසේත් නැතිනම් ළිඳට ඇද දැමුවාද යන්න පොලිසියේ දැඩි අවධානය යොමුව ඇත. 
මාස ගණනාවකට ඉහතදී ලොතරැයි වාසනාව හිමිවීමෙන් පසු මොහු දිනපතාම මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති බවත්, එක්දරු පියෙකු වන මොහුගේ බිරිය මොහු හැරදමා ගොස් ඇති බවත්, අප වාර්තාකරු කියයි.

ඩිල්ශාන්ගේ සුපිරි හෝටලය ජනපති අතින් විවෘත වේ

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන තිලකරත්න ඩිල්ශාන්ගේ හිමිකාරත්වයෙන් යුත් නවතම හෝටලය කිරුලපනේ දී ජනපතිගේ සුරතින් විවෘත විය. මෙම හෝටලය ඩිල්ශාන් විසින් නම් කොට ඇත්තේ 'D Pavilion Inn' යනුවෙනි. 
ඩිල්ශාන්ගේ නව හෝටලයේ ඡායාරූප එකතුවක් බලන්න පහතින්.

කටුගස්තොට කේක් හවුස් වැහුවේ ඇයි?

පසුගියදා ෆේස්බුක් වෙබ් අඩවියේ හුවමාරුවූ තොරතුරකින් කියවුණේ කටුගස්තොට ප්‍රදේශයේ ප්‍රසිද්ධ බාලිකාවක් අසල පිහිටි කේක් හවුස් වෙළඳසැල වසාදැමීමට මුල්වූ හේතුවකි. එම හේතුව ලෙස සඳහන් වූයේ බාලිකාවේ ළමුන් හට එම වෙළඳසැලෙන් ලබා දෙන ආහාර වලට වඳ බෙහෙත් දමා තිබෙනා බවකි. කොරහෙත් කිඹුලන් දැක බොහෝ දෙනා ෆේස්බුක් හරහා හුවමාරු කරන තොරතුරු වල සත්‍ය භාවය 100%ක් ම නොමැති නිසා මේ පිළිබඳව සොයාබැලීමට ගොසිප්බුක් තීරණය කරන ලදි. එයින් අපට දැනගන්නට ලැබුණේ මෙම සිද්ධිය සත්‍ය බවකි.

Wednesday, October 22, 2014

කාමරයක තරුණයෙක් සමඟ තනිවූ ලාංකීය තරුණියකට අත්වූ ඉරණම (වීඩියෝ සහිතයි)

මේ වනවිට අපේ රටතුල ජංගම දුරකථන මඟින් හාදවන තරුණ පුරපුරේ පිරිස්හට ඒ තුලින් මුහුණදීමට සිදුවන කරදර හිරිහැර පිළිබඳ බොහෝ තොරතුරු මාධ්‍ය ඔස්සේ පළවෙනවා. ඒ ආකාරයෙන් හාදවීම මඟින් ඔවුන් හට සමාජයට මුහුණු දීමට හැකි නොවන තත්වයේ හිරිහැර කරදරවලට ලක්වනවා පමණක් නොව පවුල් ජීවිතය පවා අවුල්ලෙන් අවුලට පත්වනවා.

බස් දෙකට මැදිවූ හරකාගේ ඉරණම

ගාලු පාරේ ධාවනය වූ බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටී අනතුරට ලක්ව තිබේ. මෙම බස් රථ දෙක ගැටීමට හේතුවී ඇත්තේ පාර මැද්දේ සිටි හරකෙකු බේරීමට යාමෙන් නිසා බව වාර්තා වේ.

Tuesday, October 21, 2014

කරණමෙන් ඉරණම විසඳාගත් පාපන්දු ක්‍රීඩකයා (වීඩියෝව)

මේ දිනවල ඉන්දියාවේ පැවැත්වෙන මිසොරම් ප්‍රමියර් ලීග පාපන්දු තරගාවලියේදී  ඉතාමත් අවාසනාවන්ත සිදුවීමක් සිදුවිය. ඒ එම තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකු වන 23 හැවරිදි පීටර් බියාක්සැන්ග්සුලා අවාසනාවන්ත ලෙස මරණයට පත්වීමයි.

චාන්මරී කණ්ඩායම වෙනුවෙන් තමා ලබාගත් ගෝලය කරණමකින් සැමරීමට ගිය පීටර් බියාක්සැන්ග්සුලා,  එම කරණම වැරදීමෙන් ජීවිතක්ෂයට පත්තිබෙනවා. මේ අවාසනාවන්ත මරණය වාර්තා වූයේ ඊයේ (20) දිනයේදීය.

සබරගමු සිසුන්ට ගැසූ සන්ධාන මන්ත්‍රි රිමාන්ඩ්

සබරගමුව සරසවි සිසුන්ගේ අට්ටාලයට ගිනි තබා සිසුන්ට ප්‍රහාරයක් එල්ලකර සැඟවී සිටි ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි ඇතුළු සැකකරුවන් පස්දෙනා ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළන්ගොඩ මහෙස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා ඊයේ (20දා) නියෝග කෙළේය.

මේ සැකකරුවෝ පස් දෙනා සිද්ධියෙන් දින දහයකට පසුව ඊයේ පස්වරුවේ බළන්ගොඩ පොලිසියට භාර වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

සිරුර ගිනි ගැනීමෙන් ඉන්දිය දුම්රියක දී කාන්තාවක් මියයයි

ඉන්දීයාවේ දුම්රියක් තුළ දී කාන්තාවක් සිරුර ගිනි ගැනීමෙන් මිය ගොස් තිබෙනවා. වයස අවුරුදු 45ක් වන ඇය ෆාතිමා නමැත්තියක්. මරණය සිදුව තිබෙන්නේ අදාල දුම්රිය කේරළ ප‍්‍රාන්තය හරහා ධාවනය වෙමින් තිබියදී මිය ගිය කාන්තාව කනූර් නම් නගරයෙන් එම දුම්රියට පිවිස තිබෙනවා.

පිටසක්වලින් ගෙනාවත් මහින්ද දිනුම්

විපක්ෂය පිටසක්වලින් අපේක්ෂකයකු රැගෙන ආවත් සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා පරාජය කිරීම බොරුයැයි උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමති නන්දිමිත්‍ර ඒකනායක මහතා මාතලේදී පැවසීය.

බිංගෙයින් මතු වූ අරක්කු

ආගරපතන, ටොරින්ටන් වතුයායේ නිවසක භූගත මත්පැන් ගබඩාවක් ආගරපතන පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. ඊයේ සිදුකළ වැටලීමකදී එහි ගබඩා කර තිබූ මත්පැන් බෝතල් 50 ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. එම නිවසේ කාමරයක පොළව යට සකස් කර තිබූ බංකරයක් තුළ එම මත්පැන් බෝතල් සූක්‍ෂමව අසුරා තිබූ බවද නෙත් නිවුස් වාර්තාකරු පැවසුවා. අදාළ නිවස වැටලූ අවස්ථාවේදී මත්පැන් තොගය ගබඩා කර තිබූ කාමරයේ යතුර නොමැති බවත් කාමරය විවෘත කිරීමට ඉඩදිය නොහැකි බවත් එම සැකකරු පවසා තිබෙනවා.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X