___Advertisement___

 

test

Spice Up Your Blog

Friday, October 17, 2014

කොටියාට පණ දෙනතුරු බලා සිටියේ ඇයි?

විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට යයි
එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය ක්‍රියාකරද්දී ශ්‍රී ලංකාව ඊට එරෙහිව කරුණු නොදැක්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට විපක්ෂය නියෝජනය කරනා දේශපාලන පක්ෂ තීරණය කර ඇත. යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ.යට එරෙහිව 2006 දී පැනවූ තහනම පසුගියදා ඉවත් කෙරින. එම තීන්දුවට පෙර ශ්‍රී ලංකා රජය පැත්තෙන් කරුණු දක්වන ලෙස යුරෝපා සංගමය දැනුම් දී ඇතත් ඒ පිළිබඳ කිසිවක් නොකිරීම සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්න කිරීමට සැලසුම් කර ඇත.

ගිලන් රථයක් ලොරියක ගැටෙයි

වෛද්‍යවරියක් සහ තවත් අයෙකු මියයයි 
ගිලන් රථයක් ලොරියක ගැටීමෙන් කොළඹ - පුත්තලම මාර්ගයේහැටඑකේ හන්දිය පඹහින්න පාලම අසල අද අලූයම සිදු වූ අනතුරකින් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ පුත්තලම මූලික රෝහලේ වෛද්‍යවරියක් සහ ගිලන් රථයේ රිය සහයකවරයා මෙලෙස

ඇප ලැබුණු ජයලලිතා පිළිගන්න තමිල්නාඩු වැසියෝ වීථි බසිති

තමිල්නාඩු හිටපු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මෙනෙවියට ඇප ලබාදීමෙන් අනතුරුව තමිල්නාඩු වැසියන් වීදි බැස ප‍්‍රීති ඝෝෂා පවත්වමින් සිටිනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ බැංග්ලෝර් සහ චෙන්නායි නගරවල වැසියන් ද ජයලලිතා ජයරාම් මෙනෙවිය පිළිගැනීම සඳහා සූදානම් වෙමින් සිටින බවයි.

ජයලලිතා ජයරාම් මෙනවිය ඉදිරිපත් කර තිබූ ඇප අයදුම සලකා බැලූ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද ඇයට කොන්දේසි සහිත ඇප 
ලබාදුන්නා.

බසයේදී කාන්තාවකට අතවර කර රිමාන්ඩ්

මගී ප්‍රවාහන බස් රථයක ගමන් කළ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීම සහ ඇයට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලත් තරුණයකු මෙම මස 20 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා ඊයේ (17) දින නියෝග කළේය.
පසුගිය 15 දින පස්වරුවේ. ගම්පහ නගරයට ළඟවෙමින් තිබූ බස් රථයක ගමන් කළ කාන්තාවකට එම බස් රථයේ ගමන් කළ තරුණයෙකු ලිංගික අතවර කිරීමට තැත් කර ඇති අතර, සිද්ධියෙන් බියටපත් කාන්තාව බසයෙන් බිමට පැන ඇත.

බරපතළ වසංගත රෝග අවදානමක්

ලොව පුරා වසංගත රෝග තත්ත්වයක් ඇති වීමේ බරපතළ අවදානමක් තිබෙන බැවින් අදාළ අංශ සූදානමින් තබන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය සෞඛ්‍ය අංශය වෙත අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය එල්.බි. දෙනුවර මහතා සඳහන් කළේය.
මිනිස් සිරුරට විෂ සහිත රසායනික ද්‍රව්‍යයක් කාන්දු වීමකින්, සතුන් මාර්ගයෙන්, අලුතින් නිර්මාණය වූ වෛරසයකින්, දූෂිත වූ ආහාර මගින් හෝ දූෂිත ජලය මගින් හෝ ඖෂධ මගින් මෙම වසංගත තත්ත්වය ඇති විය හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිරෝධායන ඒකකය සඳහන් කරයි.

Thursday, October 16, 2014

කාන්තාවන්ගේ රහස් ප්‍රදේශ ස්පර්ශ කරමින් යාතිකා කරන වේයන්ගොඩ කාමාතුර කපුවා

වේයන්ගොඩ කළගෙඩිහේන ප්‍රදේශයේ පිහිටා ඇති දේවස්ථානය යාතිකාවේ යෙදෙන කාමාතුර දේවගැතිවරයෙකු පිළිබඳව හිරු CIA ඊයේ (16) දිනයේදී වාර්තාවක් ගෙන ආවා. හිරු CIA කණ්ඩායම ලැබුණු තොරතුරක් අනුව මේ හොර කපුවාගේ දේවස්ථානයට ගොස් එහි සිදුවන සියලුම දෑ පටිගත කොට හෙළිදරව් කිරීමට හැකිවුනු අතර මෙම කපුවා එහි පැමිණෙන කාන්තාවන්ට ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳ පවසා ඔවුන් මුලාකොට හෝටල් කාමර වෙත රැගෙන යාමේ කූට ව්‍යාපාරයක්ද මෙහිදී හෙලිදරව් කරගැනීමට හැකිවුනා

බලය වැඩසටහනේ ජොන්ස්ටන්ගේ කුණුහරුප

අපේ නායකතුමාට මඩ ගහද්දි 
අපි පො**යෝ වගේ මෙතන ඉන්නේ නෑ

හිරු රූපවාහිනී නාලිකාව මගින් විකාශය කරන බලය සජීවී දේශපාලන වැඩසටහනට ඊයේ දින සහභාගිවූ ජොන්ස්ටන් ඇමැතිවරයා හා රන්ජන් රාමන්යාක මන්ත්‍රීවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවිය. 

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා විසින් දිගින් දීගටම එල්ලකළ චෝදනා හමුවේ කෝපයට පත් ජොන්ස්ටන් අමාත්‍යවරයාගේ සංවාදය බලන්න පහතින්

දැරියන් අපයෝජනය කළැයි දේවගැතිවරයා මාට්ටු

කාක්කපල්ලිය පම්බල ප්‍රදේශයේ බාලවයස් දැරියන් දෙදෙනකු දේවස්ථානයක් තුළදී අපයෝජනයට ලක් කර පොලීසියෙන් කට්ටි පනිමින් සිටි බව කියන දේවගැතිවරයකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
විවාහකයකු වන බව පවසන මෙම දේවගැතිවරයා ගම් ප්‍රදේශය තුල 'පාස්ටර්' නමින් හඳුන්වන බවත් මීට වසර කිහිපයකට පෙර ඔහු මෙවැනි අපයෝජන බොහොමයක් කර ඇති බව පැවැසේ.

හමුදා පෙම්වතා අතින් පාසල් සිසුවිය මරුට

ගිරිබාව, ඔරුගල සාලිය අසෝකපුර ප්‍රදේශයේ දී පිහියකින් ඇන 16 හැවිරිදි පාසල් සිසුවියක් ඝාතනය කර තිබේ. 

අදාළ සිසුවිය පාසල් ගොස් නැවත නිවසට පැමිණි පසු ඊයේ පස්වරුවේ ඝාතනය සිදුව ඇති බව ගිරිබාව පොලිසිය සඳහන් කළේය. 

ප්‍රේම සම්බන්ධතාවක් මත ඇති වු බහින් බස්වීමක් දුරදිග යාමෙන් ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී තිබේ. 

සැමියා මරා නිවස අසළම වළදාලා-බිරිඳ මාට්ටු

මුගුරකින් පහරදී සිය ස්වාමි පුරුෂයා ඝාතනය කළ බවට සැක පිට කාන්තාවක වාරියපොල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 

පසුගිය 07 වන දා රාත්‍රීයේ වාරියපොල මිනුවන්ගැටේ ප්‍රදේශයේ නිවසක් තුළ දි එම ඝාතනය සිදුකර තිබු අතර අදාළ මළ සිරුර නිවස අසළ වළ දමා ඇති බවද සඳහන්ය. 

Wednesday, October 15, 2014

වසර අටක ප්‍රේමයට බාධාවක් නොවූ අබාධිතකම

අවසන් මෙහෙයුමේදී මෝටාර් ප්‍රහාරයකට ලක්‌ව දැඩි ලෙස තුවාල ලබා තුනටියෙන් පහළ අප්‍රාණිකව සිටි 10 වන ගජබා රෙජිමේන්තුවේ රණවිරු කෝප්‍රල් මහින්ද ප්‍රේමලාල් ඊයේ (15 දා) දින ගම්පහ සෙනෙත්මා උත්සව ශාලාවේදී යක්‌කල හර්ෂණී විඡේසූරිය සමග යුග දිවියට එළඹ තිබේ.


අබාධිත සෙබලා සමග යුගදිවි ඇරඹු හර්ෂනී මෙයට අට වසරකට පෙර බැඳී ප්‍රේමය විවාහයකින් අවසන්කොට ඇත්තේ ඔහුගේ සියලු කායික ආබාධිත කම් පසෙකලාය.

Tuesday, October 14, 2014

දෙමාපියන්ගේ වෙනත් විවාහ ගැන විමසන අපූරු විදුහල්පතිනියක්

පාසලේ ඉගෙනුම ලබන සිසුවියන්ට රහස්‍ය ලියවිල්ලක් පිරවීමට දුන් අපූරු විදුහල්පතිවරයෙකු පිළිබඳව අම්පාර ප්‍රදේශයෙන් වාර්තා වේ. 

අම්පාර බණ්ඩාරනායක බාලිකා මහා විද්‍යාලයේ සිසුවියන්ට එහි විදුහල්පතිනිය වන H.M.R.K.N ප්‍රියන්ති විසින් රහස්‍ය ලේඛනයක් පිරවීමට ලබාදී ඇති අතර එය වෙනත් අයගේ උපදෙස් මත පිරවීමෙන් වලකින ලෙසත්, අන් අයට පෙන්වීමෙන් වලකින ලෙසත් සඳහන් කොට ඇත.

ජගුවර් කූඩුවකට වැටුනු දරුවෙකු බේරාගනී

පසුගිය දිනෙක ඉන්දියාවේ සත්ව උද්‍යානයකදී ව්‍යාඝ්‍ර කූඩුවකට වැටීමෙන් පුද්ගලයෙකු මියගිය පුවතක් වාර්තාවුනා. එවැනිම පුවතක් මේ වන විට ඇමරිකාවෙන් වාර්තා වෙනවා. ඇමරිකාවේ ආර්කන්සාස් නගරයේ පිහිටි ලිට්ල් රෝක් සත්වෝද්‍යානයේදී ජගුවර් කූඩුවකට වැටුණු කුඩා දරුවෙකු මේ ලෙසින් අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කොට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. මෙසේ දරුවා කූඩුවට වැටීමට හේතුව පය ලිස්සා...

තමන්ට කරදරකළ රෝගීන් 38ක් මරාදැමූ හෙදියක්

පොටෑසියම් අධික ප්‍රමාණයෙන් එන්නත්කොට රෝගීන් 38 දෙනෙකු මරා දැමූ හෙදියක් පිළිබඳව ඉතාලියෙන් වාර්තා වේ. Daniela Poggiali නම් මෙම හෙදිය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ 78 හැවිරිදි රෝගොයෙකු අසාමාන්‍යය ලෙස මිය යාමත් සමගය. ඒ අනුව වැඩිදුර පරීක්ෂණ කිරීමේදී පොලිසිය විසින් සොයාගෙන ඇත්තේ ඇය ප්‍රතිකාර කළ රෝගීන් 38 දෙනෙකු ඉතා අභිරහස් ලෙස මියගොස් ඇති බවකි. මෙලෙස මිය ගිය 38 දෙනා අතරට කුඩා දරුවන්ද ඇතුලත් වේ. විදෙස් මාධ්‍යය වාර්තා කරන ආකාරයට ඇය මෙලෙස රෝගීන් මරා දමා ඇත්තේ එම රෝගීන් හෝ රෝගියාගේ පවුලේ උදවිය ඇයට කරදරයක් වූ විට බවය.

දූෂකයාට පාඩමක් – ලිංගය කපා මහ පාරට විසිකරයි

ගැහැණු ළමයෙකු දූෂණය කිරීමට තැත්කළ අවුරුදු 40ක් වයසැති පුද්ගලයෙකු අල්ලා මස් කඩයකට රැගෙන ගොස් ඔහුගේ ලිංගය මන්නයකින් කපා පාරට විසිකර දැමූ පුවතක් වාර්තා වේ.

එකී පුවත වාර්තා වන්නේ අසල්වැසි ඉන්දියාවේ රාජස්ථාන් හි ගංගානගර් ප්‍රදේශයෙනි.

අවුරුදු 40ක් වයසැති පුද්ගලයෙකු 16 හැවිරිදි ගැහැණු ළමයෙකු දූෂණය කිරීමට උත්සාහ කරනු දැක ඇති පිරිසක් මෙම පුද්ගලයා අල්ලාගෙන මස් කඩයකට රැගෙන ගොස් පැයක පමණ කාලයක් හොඳ හැටි පහරදී තිබේ.

ශ්‍රී ලංකාවේ මාළුන්ට යුරෝපයෙන් තහංචි

යුරෝපා කොමිසම විසින් ශ්‍රී ලංකාවෙන් මිලදී ගනු ලබන මත්ස්‍ය නිෂ්පාදන නවතා දැමීමට තීරණය කර තිබේ. 

ශ්‍රී ලංකාව මගින් සිදුකරනු ලබන නීති විරෝධී ධීවර කටයුතු හේතුවෙන් මෙම තීරණයට එළඹි බව යුරෝපා කොමිසම විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 

ඒ අනුව මාස 3ක කාලයකින් පසු මෙම මත්ස්‍ය නිෂ්පාදන ශ්‍රී ලංකාවෙන් මිලදී ගැනීම නවතන බව නිල වශයෙන් දන්වා තිබේ. 

Monday, October 13, 2014

දන්නවාද මේ මොකක්ද....?

සුගන්ධය වෙනුවට අධික දුඟඳත් බඹරුන් වෙනුවට නිල මැස්‌සනුත් එන දුර්ලභ ගනයේ විශාල මලක්‌ සේ සැලකෙන කිඩාරම් මලක්‌ මහව ජනජයපුර ඒ.එම් හේරත් මහතාගේ ගෙවත්තේ පිපී තිබියදී ගල්ගමුව අප වාර්තාකරු සංජීව රත්නායකගේ කැමරාවට මෙසේ හසුව තිබුණි. බොහෝ කලාතුරකින් දැකගත හැකි මලක් ලෙස කිඩාරම් මල සැලකේ. කීඩාරම් ගස නියඟය හමුවේ වියළි ගොස් නැවත දළු දැමූ පසු අවුරුදු 5කින් මෙසේ මලක් පිපුණු බව හේරත් මහතා කියයි. ඡායා රූ - සංජීව රත්නායක


 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X