___Advertisement___

 

test

Spice Up Your Blog

Sunday, November 16, 2014

දැන් රථවාහන දඩ එවලේම ගෙවන්න - නව ක්‍රමය ගැන පොලීසිය කියයි (video)

සියලුම පොලිස් දඩ කෙටි පණිවිඩ (SMS) මාර්ගයෙන් ගෙවීමේ ක්ෂණික ක්‍රමයක් මේ වසර තුළදී හඳුන්වාදෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
මීට අමතරව ලබන වසර තුළදී පොලිස් දඩ ගෙවීම සඳහා ක්‍රෙඩිට් කාඩ්පත භාවිත කිරීමට අවශ්‍ය සැලසුම්ද මේ වනවිට සකස්වෙමින් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ අජිත් රෝහණ මහතා පැවසී ය.
රට තුළ ක්‍රියාත්මක වන ඕනෑම ජංගම දුරකථන ජාලයක් හරහා මෙම ගෙවීම් සිදුකළ හැකි බවත්, ඊට අදාළ ක්‍රමවේදයන් මොරටුව ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය විසින් මේ වනවිට සකස් කර අවසන් බවද ඔහු පෙන්වා දුන්නේය.
ලබන වසර තුළදී ක්‍රෙඩිට් කාඩ්පත මගින් දඩ කොළ ගෙවීමේ ක්‍රමය හඳුන්වාදෙන බවත්, ක්‍රෙඩිට් කාඩ්පත මගින් දඩ කොළ ගෙවීමට අවශ්‍ය උපකරණ රථවාහන රාජකාරිවල නිරතවන පොලිස් නිලධාරීන්ට ලබාදෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
රියදුරන්ට මෙවැනි ක්‍රමවේද හඳුන්වා දෙන්නේ තැපැල් කාර්යාලවලට දඩකොළ ගෙවීමේදී සිදුවන අපහසුතා සහ තම පදිංචි ප්‍රදේශයට දුර ප්‍රදේශයකදී දඩ කොළයක් ලැබෙන රියදුරුට එම මුදල ගෙවීමට තැපැල් කාර්යාලයක් විවෘතව නොපැවතියහොත් ඉන් සිදුවන අපහසුතා සැලකිල්ලට ගැනීමෙන් බවද අජිත් රෝහණ මහතා පැවසී ය.
එස්.එම්.එස්. ක්‍රමය සහ ක්‍රෙඩිට් කාඩ්පත් ක්‍රමය හඳුන්වා දුන්නද තැපැල් කාර්යාලයට දඩ කොළ ගෙවීමේ ක්‍රමය එලෙසම පවතින බවද මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. 
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X