___Advertisement___

 

test

Spice Up Your Blog

Sunday, November 16, 2014

බීමත් රියදුරා පාසල් සිසුවියන් අට දෙනෙකු යට කරයි (video)

අනුරාධපුර මෛති‍්‍රපාල සේනානායක මාවතේදී ඊයේ (16) සවස සිදුවූ අනතුරකින් අවුරුදු 15ත් 20 ත් අතර පාසල් සිසුවියන් අට දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙන අතර ඉන් අසාධ්‍ය තත්ත්වයේ සිටි සිසුවියන් තිදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබේ. ඊයේ පස්වරු 5.30ට පමණ අනතුරෙන් තවත් 6 දෙනෙකු තුවාල ලබා ඇති බවත් අනතුර සිදුවන අවස්ථාවේ උපකාරක පන්ති සඳහා පැමිණි  පිරිසක් හා දහම් පාසල් සිසුවියන් පිරිසක් බස් නැවතුම්පොළ තුළ රැඳී සිට ඇති බවත් පොලීසිය පැවසීය.
අනතුරට ලක්වූවන් ගල්නෑව හා විලච්චිය ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකි. ඊට සම්බන්ධ බවුසරය යුද හමුදාවට පවරාගත් එකක් වන අතර එය පැදවූ තිසාවැව යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු ලාන්ස් කෝප්‍රල්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු එම අවස්ථාවේ බීමත්ව රිය ධාවනය කර ඇති බව අනාවරණ වූ බව පොලීසිය පැවසීය.
එම වීඩියෝව පහතින් නරඹන්න

 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X