___Advertisement___

 

test

Spice Up Your Blog

Thursday, November 13, 2014

රෙදිපිළි සාප්පුවේදී අතවරයට පත් තරුණිය සිද්ධිය හෙළි කරයි (video)

දඹුල්ලේ රෙදිපිළි සාප්පුවක ඇඳුම් මාරු කරන කාමරයේදී  (13)  තරුණියක ස්පර්ශ කළේ යැයි කියන සිද්ධියට මුහුණ දුන් තරුණිය මාධ්‍ය අමතා සිද්ධිය විස්තර කළේය. 
එහිදී අතවරයට පත් තරුණිය එම සිද්ධිය මෙලෙස විස්තර කළේය. "එයා කිව්වා උඩට යන්න කියල. ඊට පස්සෙ මං උඩට ගියා. උඩට ගිහාම කිව්වා  ඕකෙන් ෆිටොන් කරලා බලන්න කියලා.
ඊට පස්සෙ මං ෆිටොන් කරන්න පල්ලෙහා පුළුවන් නිසා ඇහුවම කිව්වා ඒකෙ එක්කෙනෙක් ඉන්නව කියල. ඒකෙ ඇත්තටම හිටිය. පස්සෙ මං ෆිටොන් කරලා යළුවට පෙන්නන්න බලනකොටම එයා එකපාරටම මගේ ඇග පහතින් අතදැම්මා. ඊට පස්සෙ මං ගැහුවා. මං පල්ලෙහාට දුවගෙන ආවා. මං කිව්වා මං තමුසෙට එකපාරයි සමාව දෙන්නෙ...කියල..ඇතුලට කියන්නද ජොබ් එක නැති කරගන්නවද කියල ඇහුවම කිව්වා අනේ කියන්න එපා කියල.."
එම තරුණියට අතවර කිරීමට තැත්කළ බවට වූ සිද්ධියකට විරෝධය පළ කරමින් දඹුල්ලේ ව්‍යාපාරිකයින් කඩ සාප්පු වසා දමා විරෝධතාවක නිරත වූහ.
මෙම සිද්ධියට සම්බන්ධ බව කියන අයි.ඊ.මොහොමඩ්, එස්.එම් ෆාරුක්, එච්.එම් මාහීර්, එස්.එම් රිසානාස් සහ එස්.එම් සාහීර් පුද්ගලයින් පස් දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ.

 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X