___Advertisement___

 

test

Spice Up Your Blog

Tuesday, November 11, 2014

කාන්තාවන්ගේ වාහන නවතා තෘප්තියක් ලබන පොලිස් නිලධාරියෙකු ගැන හෙළිවෙයි (video)

එක් පොලිස් නිලධාරියෙකු මෝටර් සයිකල්වලින් යන කාන්තාවන් අනිවාර්යෙන්ම නවත්වන බවත් තමන් ඒ පිළිබඳ සතියක් එම ක්‍රියාව පිළිබඳ අධ්‍යයනය කළ බවත් රැස්වීමේදී පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා පවසයි. හොරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී පොලීසියේ ක්‍රියා කලාපය මන්ත්‍රීවරයාගේ දෝෂ දර්ශනයට ලක්විය. “මේ මෙතන පොකුණුවිට අපේ මායිම තියෙන්නේ එතනින් පටන් ගත්තහම ඉංගිරිය දක්වා මේ තරම් කණ්ඩායම් යොදවලා ඉන්නවා මාර්ගයක.
මම දැකලා නෑ. කොහේවත් ඕකේ ඉන්නවා සමහර නිලධාරින් මේ කාන්තාවෝ එහෙම බයිසිකල් මෝටර් සයිකල් යනවනේ. අනිවාර්යෙන්ම නවත්තනවා. මම සතියක් එක දිගට මේ වැඩේ අධ්‍යයනය කළා. මේ පිළිබඳව පරීක්ෂණ කළා. නිරීක්ෂණවලට එලැඹුණා. නිගමන ඒ අනුසාරයෙන් මට පසක් වුණා. නමින් ඔබතුමාට කියන්න. නම කියන එකත් හරියන් නෑ. එහෙම හොඳත් නෑ. නමුත් නිකං බාල වගේ කාන්තාවන්ට හරියට හිරිහැර කරනවා මේ මනුස්සයා. අනවශ්‍ය විදියට නවත්තනවා. නවත්තලා ඔහේ තියාගෙන ඉන්නවා. මං දන්නෑ මොකක්ද ලබන තෘප්තිය කියලා. පොලිස් සේවය කෙළෙසන්නේ මේ වගේ අය“ යැයි මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. එම

වීඩියෝව පහතින් නරඹන්න


 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X