___Advertisement___

 

test

Spice Up Your Blog

Tuesday, November 18, 2014

මාලිංග නවසීලන්ත තරගාවලියේදී ශ්‍රී ලංකා පිලට

පාදයේ ශල්‍ය කර්මයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකා පිලේ ප්‍රධානතම වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග, එළැඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර පැවැත්වෙන නවසීලන්ත තරගාවලියේදී යළිත් ශ්‍රී ලංකා පිලට එක්වීමට සූදානමින් සිටී.
ඔහු නවසීලන්ත පිල සමඟ පූර්ණ තරගාවලියට එක් නොවන අතර එහි අවසන් තරග 2 ට බොහෝවිට ක්‍රීඩා කරනු ඇතැයි පැවසේ.

ඒ සම්බන්ධයෙන් ලසිත් මෙසේ කියා සිටියේය.
''හිතුවට වඩා තත්ත්වය ටිකක්‌ වෙනස්‌ වුණා. මට දැන් ආධාරක (කිහිළි කරු) නැතිව ඇවිදින්න පුලුවන්. පුහුණුවීම් ආරම්භ කරන දිනය කවද්ද කියලා නම් කියන්න බැහැ. කොහොම වුණත් පුලුවන් ඉක්‌මනින් යළිත් පුහුණුවීම් අරඹන්න බලාපොරොත්තු වෙනවා''.
''මම හිතනවා පුහුණුවීම් සමග ලෝක කුසලාන තරගාවලියට පෙර කණ්‌ඩායමට එන්න පුලුවන් වෙයි කියලා. නවසීලන්ත තරගාවලියේ ඔක්‌කොම තරග නැති වුණත් අන්තිම තරග 2 ට හරි සෙල්ලම් කරන්න හිතාගෙන ඉන්නවා''
කලක සිට මතුවෙමින් තිබූ මාලිංගගේ අදාළ ආබාධය ඉකුත් අගෝස්‌තුවේදී ඉන්දියාවේ පැවැති චැම්පියන්ස්‌ ලීග් තරගාවලිය අතරතුරදී උත්සන්න අතට පත්විය.
ඒ අනුව ඔහුට ඔස්ට්‍රේලියාවේදී ශෛල්‍යකර්මයක් සිදු කළ අතර ඒ අනුව  මාලිංගට මාස 4 ක කාලයක්‌ විවේක ගැනීමට නියම විය.
එම තත්ත්වය මත දෙසැම්බර් සහ ජනවාරි මාසයන්හි පැවැත්වෙන නවසීලන්ත තරග සංචාරයද ඔහුට අහිමි වනු ඇතැයි සඳහන් විය.
එහෙත් ශල්‍ය කර්මයෙන් පසු මාලිංගගේ තත්ත්වය මේ වන විට වඩාත් යහපත් අතට පත්වීම මත නුදුරේදීම සිය පුහුණුවීම් ආරම්භ කිරීමේ අභිලාෂයෙන් ඔහු පසුවන බව මෙහිදී සඳහන් කර සිටියේය.
එක්‌දින තරගයකදී පන්දු 4 කදී කඩුලු 4 ක්‌ දවා ගනිමින් අසමසම වාර්තාවකට හිමිකම් කියන මාලිංග ලොව කඩුලු ත්‍රිත්ව ලබාගත් පන්දු යවන්නන් අතර (තෙවතාවක්‌) පෙරමුණේ පසුවෙයි.
එක්‌දින තරග 177 කට ක්‍රීඩා කොට ඇති මාලිංග එහිදී බිඳ හෙළා ඇති කඩුලු සංඛ්‍යාව 271 කි. ඔහුගේ කඩුල්ලක්‌ දවා ගැනීමේ සාමාන්‍ය 27.21 ක්‌ ලෙස සටහන් වේ.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X