___Advertisement___

 

test

Spice Up Your Blog

Wednesday, November 12, 2014

දඹුල්ල කැළඹූ තරුණයන් පස්දෙනා රිමාන්ඩ්

දඹුල්ල ප‍්‍රදේශයේ රෙදිපිළි අලෙවිසැලකදී තරුණියකට අතවර කිරීමට උත්සහ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් පස්දෙනා ලබන 22 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඒ, දඹුල්ල වැඩබලන මහේස්ත‍්‍රාත් ජයම්පති රත්න දිවාකර මහතා ලබාදුන් නියෝගයකට අනුවයි. එලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු සැකකරුවන් අදාළ වෙළෙඳසැලේ සේවකයින් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. වෙළෙඳසැලෙහි ඇඳුම් මාරුකරන කුටිය තුළදී සැකකරුවන් තරුණියට අතවර කිරීමට උත්සහ දරා තිබෙනවා.
සිද්ධියත් සමග දඹුල්ල නගරයේ නොසන්සුන්කාරී වාතාවරණයක් ද ඇතිවුණා. කෙසේවෙතත් පොලිසිය මැදිහත් වීමෙන් එය පාලනය කෙරුණු බව වාර්තා වේ.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X