___Advertisement___

 

test

Spice Up Your Blog

Saturday, November 8, 2014

මී හරකෙක් ගුවන් යානයක හැපිලා !

ඉන්දියාවේ ස්පයිස් ජෙට් සමාගමට අයත් ගුවන් යානාවක් ගුවන්ගත කිරීමට සූදානම් වන මොහොතේදී ගුවන් පථයට මී ගවයෙකු කඩා වැදීම නිසා අනතුරක් සිදුව ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.
මේ අනතුර සිදුව ඇත්තේ සුරත් ගුවන්තොටුපළේදී වන අතර  අනතුරින් මී ගවයා ජීවිතක්ෂයට පත්වී ඇත.
කෙසේවුවද ගුවන් යානයේ සිටි මගීන්ට හෝ එහි කාර්යමණ්ඩලයට කිසිදු අනතුරක් සිදුව නොමැත.

මේ සිද්ධිය වන අවස්ථාවේ මගීන් 146 දෙනෙකු සිට ඇතැයි වර්තා වන අතර මගීන් වෙනත් ගුවන් යානාවකට මාරු කර යවා ඇති බව ඉන්දියානු මාධ්‍ය වාර්තාවල දැක්වේ.
ගුවන්තොටුපොළේ තාප්පය කැඞී ඇති ස්ථානයකින් මී ගවයා ගුවන් පථයට ඇතුළු වී තිබෙන බවට පසුව සොයා ගෙන තිබේ.
ඉන්දියාවේ ගුවන් සමාගම් අතරින් හතර වැනි ස්ථානය හිමි වෙන්නේ ස්පයිස් ජෙට් ගුවන් සමාගමටය.

 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X