___Advertisement___

 

test

Spice Up Your Blog

Monday, November 10, 2014

බෝගම්බර බන්ධනාගාරයේ භාණ්ඩ අතුරුදන්වීම පිළිබඳ පරික්‍ෂණ සී.අයි.ඩි.යට

බෝගම්බර බන්ධනාගාරයෙන් ඉවත් කෙරුණු ඉපැරණි ගොඩනැගිලි ද්‍රව්‍ය අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳ සොයා බැලීම අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. ඒ අනුව අද දිනයේ බන්ධනාගාර නිලධාරීන් මේ පිළිබඳ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට නියමිත බවයි එහි ප‍්‍රකාශකයෙකු නෙත් නිවුස් වෙත කියා සිටියේ. මීට අමතරව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර විගණක කොමසාරිස්වරයාගේ ප‍්‍රධානත්වයෙන් තවත් පරික්‍ෂණයක් පැවැත්වෙනවා.
බෝගම්බර බන්ධනාගාර පරිශ‍්‍රයෙන් ඉවත් කෙරුණු ඉපැණි ගොඩනැගිලි ද්‍රව්‍යවලින් සමහරක් අතුරුදන්ව ඇති බව නෙත් නිවුස් මගින් පළමුවරට අනාවරණ කෙරුණා. වසර සියයකට වඩා පැරණි දොර ජනේල, ගෘහ උපකරණ සහ එම බන්ධනාගාරයේ එල්ලූම්ගසේ කොටස් කිහිපයක් ද අතුරුදන්ව ඇති බවයි එමගින් අනාවරණ කෙරුණේ.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X