___Advertisement___

 

test

Spice Up Your Blog

Tuesday, November 18, 2014

මාගම්පුර වරායේ චීන නාවික කඳවුරක්..?

චීනය, ශ්‍රී ලංකාව ඇතුළු උපාය මාර්ගික වැදගත්කමක් ඇති ස්ථාන 18ක නාවික කඳවුරු ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි The Namibian පුවත්පත අනාවරණය කර තිබේ.

එම පුවත්පත පවසන්නේ, ශ්‍රී ලංකාවේ හම්බන්තොට වරාය ආශ්‍රිතව අදාළ චීන නාවික කඳවුර ඉදි කිරීමට සැලසුම් කර ඇති බව ය.

චීනය සැලසුම් කර ඇති නාවික කඳවුරු 18න් එකක් නැමීබියාවේ වැල්විස් බොක්ක (Walvis Bay) ආශ්‍රිතව ඉදිවන බව එරට ආරක්ෂක අමාත්‍යංශ ප්‍රකාශක ලුතිනන් කර්නල් මොනිකා ෂියා තහවුරු කර ඇතැයි The Namibian පුවත්පත පවසයි.


එම පුවත්පත් වාර්තාවේ දැක්වෙන්නේ, චීන යාත්‍රා අලුත්වැඩියා කිරීම ඉන්ධන හා අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම ඇතුළු කරුණු සඳහා මේ කඳවුරු ඉදි කරන බව ය.

මේ සම්බන්ධයෙන් අප කළ විමසුමකදී රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ මාධ්‍ය කේන්ද්‍රයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය මහතා සඳහන් කළේ, චීන නාවික කඳවුරක් හම්බන්තොට ඉදි නොවන බව ය.
එවැනි සූදානමක් සම්බන්ධයෙන් පළ වන වාර්තා අසත්‍ය බව ද ඔහු පැවසීය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X