රාත්‍රී කාලයේ ගමන් ගන්නා මගීන්ගේ පහසුව වෙනුවෙන් ක්‍රියාත්මක බස් සේවාව නිසි සැරිය ලෙස හැඳින්වීමට පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය තීරණය කර තිබේ.
රාත්‍රී කාලයේ දී බස් රථ විධිමත්ව ධාවනය නොවන බැවින් ඊට විසඳුමක් ලෙස මෙම නිසි සැරිය බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
පෞද්ගලික බස් රථ සහ ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථ මෙම සේවාවේ නිරත වන අතර ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ.
මෙම ව්‍යාපෘතිය යටතේ දිවයින පුරා බස් රථ 114 ක් ධාවනයට එක්කොට ඇති බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය සඳහන් කළේය.
මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලය හා පෞද්ගලික බස් රථ ඒකාබද්ධ කාලසටහනකට අනුව ධාවනය කිරීමට අදාළ සාකච්ඡා සිදුකරමින් පවතින බව පුද්ගලික ප්‍රවාහන සේවා අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Monday, November 10, 2014
රාත්‍රී බස් සේවාව නිසි සැරිය ලෙස හඳුන්වයි
2014-11-10T20:05:00-08:00
Hot News
sinhala news|