___Advertisement___

 

test

Spice Up Your Blog

Sunday, November 23, 2014

චීනය දකුණු චීන මුහුදේ මිලිටරි දිවයිනක් ඉදිකරයි

චීනය විසින් ආන්දෝලනාත්මක දකුණු චීන මුහුදේ කොරල් පරයක් මත දැවැන්ත දිවයිනක් ඉදිකරමින් ඇතැයි අනාවරණය වී තිබේ.
පිලිපීන බුද්ධි අංශ විසින් ගනු ලැබූ චන්ද්‍රිකා ඡායාරූපයක් මගින් මෙම දිවයින පිළිබඳ හෙළිවී ඇති අතර ඩිෆෙන්ස් වීක්ලි සගරාව පවසා ඇත්තේ ඛනිජ වලින් පොහොසත් අර්ධද්වීපය තුළ මිලිටරි ඉදිකිරීම් සිදුකිරීමට චීනය සූදානම් වෙමින් ඇති බව මින් තහවුරු වන බවයි.

මෙම දිවයින මීටර් 3000ක් පමණ දිගින් සහ මීටර් 200-300ක් පමණ පළලින් යුතු වන අතර එය ගුවන් පථයක් ඉදිකිරීම සඳහා ප‍්‍රමාණවත් වනු ඇතැයි පැවසේ.


ෆියරි ක්‍රොස් කොරල් පරයේ නැගෙනහිර කොටස හාරා වරායක් තනා ඇති අතර එය තෙල් නැව් ඇතුළු විශාල ප‍්‍රමාණයේ යුධ නෞකා ඇතුළු කිරීමට හැකි විශාල වරායක් බවද වාර්තා වේ.

ෆියරි ක්‍රොස් පරය මත දිවයිනක් ඉදිකිරීම පසුගිය මාස 12-18 තුළ චීනය විසින් දියත් කර ඇති මේ ආකාරයේ සිව්වන ව්‍යාපෘතිය වන අතර ඒවා අතරින් විශාලතම ව්‍යාපෘතිය වන්නේද මෙයයි.
ඇමරිකානු හමුදා ප‍්‍රකාශක ලූතිනන් කර්නල් ජෙෆ්රි පූල් පවසා ඇත්තේ මෙම මුහුද ගොඩකිරීමේ ව්‍යාපෘතිය නවත්වන ලෙස චීනයෙන් ඉල්ලා සිටින බවයි.

මෙවැනි ක‍්‍රියාකාරකම් වෙනුවට රාජ්‍ය තාන්ත‍්‍රික විසඳුම් කෙරෙහි අවධානය දැක්විය යුතු බව ඇමරිකාවේ අදහසයි.  දකුණු චීන මුහුදු කලාපය ඛනිජ තෙල් සහ ගෑස් වලින් පොහොසත් බිමක් ලෙස සැලකෙන අතර එහි අයිතිය පිළිබඳව චීනය, තායිවානය, බෲනායි, වියට්නාමය, මැලේසියාව හා පිලිපීනය අතර විරසකයක් පවතී.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X