___Advertisement___

 

test

Spice Up Your Blog

Wednesday, November 19, 2014

අනුරාධපුර රෝහලේ ගින්නෙන් වූ පාඩුව

අනුරාධපුර මහරෝහලේ මහාචාර්ය ඒකකයේ හටගත් ගින්නෙන් රුපියල් කෝටි 50කට වැඩි අලාභයක් සිදුව තිබෙනවා. එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඩබ්ලිව්. අතපත්තු මහතා සඳහන් කළේ එම ඒකකය තුළ එම්.ආර්.අයි. ස්කෑනර් යන්ත‍්‍රය සවිකරන අවස්ථාවේදී මෙම ගින්න හටගත් බවයි.

රුපියල් කෝටි 25ක් පමණ වටිනා ස්කෑනර් යන්ත‍්‍රයට ද ගින්නෙන් අලාභ හානි සිදුව ඇති බවයි වෛද්‍ය ඩබ්ලිව්. අතපත්තු මහතා සඳහන් කළේ. මහල් 6කින් යුත් රෝහල් ගොඩනැගිල්ලේ පහත මාලයේ පිහිටි මහාචාර්ය ඒකකය තුළ අද අලූයම මෙම ගින්න හටගැනුණා.

එහි තිබූ තවත් උපකරණ රැසකට ද දැඩි අලාභ හානි සිදුව ඇති බවයි .
අනුරාධපුර ගිනි නිවීම් ඒකකය, රෝහල් කාර්ය මණ්ඩලය සහ පොලිසිය එක්ව ගින්න මැඩපවත්වනු ලැබුවා. ගින්නට හේතුව විදුලි කාන්දුවක් බවයි අනාවරණ වී ඇත්තේ.


අනුරාධපුර මහරෝහලේ ගින්නක්

[( අශෝක එරමිණිගම්මන/අතුල බන්ඩාර ) 2014-11-20 07:56:20]

අනුරාධපුර මහරෝහලේ මහල් 6කින් යුත් ගොඩනැගිල්ලේ මහාචාර්ය ඒකකය තුළ අද අලූයම හට ගැනුණු ගින්න මේ වන විට මැඩපවත්වා තිබෙනවා. දිස්ත‍්‍රික් ගිනි නිවීම් ඒකකය පැවසුවේ අදාළ ගොඩනැගිල්ලේ පහත මාලයේ ගින්න හටගෙන ඇති බවයි.

රෝගීන්ට ප‍්‍රතිකාර කෙරෙන MRI  ස්කෑන් යන්ත‍්‍රය ද සවිකර තිබුණේ පහත මාලයේයි. අනුරාධපුර ගිනි නිවීම් ඒකකය, රෝහල් කාර්ය මණ්ඩලය සහ පොලිසිය එක්ව ගින්න මැඩපවත්වා තිබෙනවා. කෙසේවෙතත් ගින්නෙන් සිදු වූ අලාභය මෙතෙක් තක්සේරු කර නැහැ.

 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X