___Advertisement___

 

test

Spice Up Your Blog

Monday, November 24, 2014

පරිගණක තොරතුරු සොරකම් කරන දරුණු පරිගණක වෛරසයක්

මෙතෙක් බිහි වූ දරුණුතම ඝනයේ පරිගණක වෛරසවලින් එකක් සිය ආයතනයට සොයා ගත හැකි වූ බව ප්‍රමුඛ පෙළ පරිගණක දත්ත ආරක්ෂක සමාගමක් පවසයි.
යම් කිසි රටක ආණ්ඩුවක් විසින් සකසා ඇති බවට විශ්වාස කෙරෙන ‘රෙජින්’ නමැති වෛරසය වසර හයක සිට ලෝකය පුරා ඇති ආයතන ඉලක්ක කොට ක්‍රියාත්මක කර ඇති බව ‘සිමන්ටෙක්’ පරිගණක දත්ත ආරක්ෂක සමාගම නිවේදනය කර ඇති බව බීබීසි ප්‍රවෘත්ති සේවය සඳහන් කළේය.

ඉහත සඳහන් එම වෛරසයට පරිගණක තිරය තුළ දැක්වෙන දෑ ඡායාරූප ගත කළ හැකි අතර රහස්‍ය වචන සොරකම් කිරීමට සහ මකා දමන ලද ලිපි ගොනු නැවත ලබා ගැනීමටද හැකියාව තිබේ.
‘රෙජින්’ වෛරසයට වැඩි වශයෙන් ගොදුරු වී ඇත්තේ රුසියාව, සෞදි අරාබිය සහ අයර්ලන්තය තුළ වූ පරිගණක බව ප්‍රවීණයෝ පවසති.
රාජ්‍ය ආයතන, ව්‍යාපාර සහ තනි පුද්ගලයන් පිළිබඳ ඔත්තු බැලීම සඳහා ‘රෙජින්’ වෛරසය යොදා ගෙන ඇති බවත් ඉතා ඉහළ මට්ටමකින් සකසා ඇති වෛරසය නිපදවීම සඳහා මාස ගණනක් හෝ වසර ගණනක් ගත වන්නට ඇති බවට පර්යේෂකයෝ විශ්වාසය පළ කරති.
‘රෙජින්’ වෛරසය බටහිර සංවිධානයකින් මුදා හැර ඇති බව පෙනෙන්න ඇතැයි ‘සිමන්ටෙක්’ පරිගණක දත්ත ආරක්ෂක ආයතනයේ නිලධාරියෙක් පවසා ඇත.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X