___Advertisement___

 

test

Spice Up Your Blog

Sunday, November 9, 2014

මහේලගේ ශතකය වතුරේ, තරගාවලියත් පරදියි

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සමග හයිද්‍රාබාද් හි පැවති තුන්වන එක්දින තරඟය කඩුලූ 6 කින් ජයගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ (09) සමත් විය.
මේ තරගය ජය ගැනීමත් සමඟ දෙරට අතර තරඟ 5 කින් සමන්විත එක්දින තරඟාවලිය මේවන විට 3 - 0ක් ලෙස  ජයගැනීමට  ඉන්දියාව සමත් විය .
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දු වාර 48.2 කදී සියලූදෙනා දැවී ලබාගත හැකිවූයේ ලකුණු 242 ක් පමණි.
එහිදී හුදකලා සටනක නිරතවූ මහේල ජයවර්ධන ලකුණු 118 ක් ලබාගත්තේය.

තිලකරත්න  ඩිල්ෂාන් ලකුණු 53 ක් එක්කරමින් ඊට සහය විය.
ශ‍්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩකයින් 7 දෙනෙකුටම මෙම ඉනිමේදී ලකුණු 10 සීමාව ඉක්මවා යාමට හැකි නොවීමද කැපී පෙනුනි.
පිළිතුරු ඉනිම ක‍්‍රීඩා කළ ඉන්දියාව පන්දු වාර 41.1 කදී   ලකුණු 245 ක් ලබාගනිමින් තරඟයේ ජය වාර්තා කළා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ෂිකර් දවාන් ලකුණු 91 ක් ද විරාට් කෝලි ලකුණු 53 ක්ද ලබාගත්හ.
පන්දු යැවීමේදී කුලසේකර, තිසර පෙරේරා සහ තිලකරත්න ඩිල්ෂාන් එක් කඩුල්ල බැගින් බිඳ හෙලීමට සමත් විය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X