___Advertisement___

 

test

Spice Up Your Blog

Monday, November 17, 2014

කෞතුකාගාරයේ දොරක අගුලූ කැඩීම අභ්‍යන්තර ආරවුලක්ද?

කොළඹ ජාතික කෞතුකාගාරයේ ඉහල මහලයේ රෙදි පිළි සහ මැටි භාණ්ඩ ප‍්‍රදර්ශන කුටියේ දොරක අගුළු විවෘත කිරීමේ සිද්ධිය එහි නිලධාරීන්ගේ තනතුරු සම්බන්ධ ගැටුමක් මත සිදුකරන ලද්දක් දැයි සැක මතුව තිබෙනවා. දැනට ජාතික කෞතුකාගාර අධ්‍යක්‍ෂ ධූරය පුරප්පාඩුව පවතින අතර ඒ සඳහා වැඩබලන අධ්‍යක්‍ෂිකාවක් පත් කර තිබෙනවා. කිසියම් අයෙකු අපහසුතාවට පත් කිරීමේ අරමුණින් මෙම ක‍්‍රියාව සිදුකර ඇත්දැයි මේ වන විට පරික්‍ෂණ පැවැත්වෙන බවයි පොලිසිය පවසන්නේ.
ඊයේ දිනයේ සිදුකළ මූලික පරික්‍ෂණවලදී විද්‍යාත්මක සාක්‍ෂි කිහිපයක් සොයාගත් බවද පොලිසිය පැවසුවා. කෙසේවෙතත් අදාල ස්ථානයේ කිසිඳු භාණ්ඩයක් අස්ථාන ගතවී නැති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ. ජාතික කෞතුකාගාර ගොඩනැගිල්ලේ මේ දිනවල සිදුකෙරෙන ප‍්‍රතිසංස්කරණ කටයුතු හේතුවෙන් එහි සී.සී.ටී.වී කැමරා පද්ධතිය ද ක‍්‍රියාත්මක නොවන බවයි ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ජගත් බාලසූරිය මහතා නෙත් නිවුස් වෙත කියා සිටියේ. කෙසේවෙතත් මෙම සිද්ධියෙන් පසු කෞතුකාගාර වැඩබලන අධ්‍යක්‍ෂවරිය කෞතුකාගාරයේ භාණ්ඩ පිළිබඳ සම්පූර්ණ සොයා බැලීමක් කළ බවද අමාත්‍යවරයා කියා සිටියා. එහිදී කිසිඳු භාණ්ඩයක් අස්ථාන ගතවී නොමැති බව තහවුරු වු බවයි ජගත් බාලසූරිය මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X