___Advertisement___

 

test

Spice Up Your Blog

Tuesday, November 18, 2014

දොස්තරලාට ඉතිහාසගත රැවටිල්ලක් කරලා


නව සේවා ව්‍යවස්ථාවට අනුව වෛද්‍යවරුන්ගේ පළමු වැටුප් වර්ධකය රුපියල් 645 ක් වුවත්, දෙවැනි වැටුප් වර්ධකයට ලබාදී තිබෙන්නේ රුපියල් 05 ක වැටුප් වැඩිවීමක් බවත්, නව සේවා ව්‍යවස්ථාවෙන් වෛද්‍යවරුන් ඓතිහාසික රැවටීමකට ලක්කර තිබෙන බවත් සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරයි.

මෙම සේවා ව්‍යවස්ථාව 6/2006 වැටුප් චක‍්‍රලේඛයට අනුව සකස් කර තිබෙන බවත්, එහෙත් එම සේවා ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක වන දිනය 2013 වසරේ නොවැම්බර් මාසයේ සිට බවත් එම සංගමයේ ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර මහතා සදහන් කළේය.


වෛද්‍යවරුන්ගේ සේවා ව්‍යවස්ථාව ක‍්‍රියාත්මක වන දිනය 2013 වසරේ නොවැම්බර් මාසයේ සිට වුවත්, වැටුප් ව්‍යූහයේ එස්.එල් කාණ්ඩයේ අනෙකුත් සේවාවල සේවා ව්‍යවස්ථා ක‍්‍රියාත්මක වන දිනය 2006.01.01 ලෙසට ප‍්‍රකාශ කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X