___Advertisement___

 

test

Spice Up Your Blog

Thursday, November 20, 2014

බයික් බෙදිල්ල නිසා හමුදාව කළකිරෙයි

රාජ්‍ය සේවකයන්ට යතුරුපැදි බෙදා දුන්නද යුද්ධය වෙනුවෙන් ජීවිත පවා කැපකර සිටි තමන්ට එම අයිතිවාසිකම ලබා නොදීම පිළිබඳව ත්‍රිවිධ හමුදා සොල්දාදුවන් දැඩි කළකිරීමට ලක්ව ඇති බව අනාවරණය වේ.
මේ වනවිට රුපියල් 50,000ක් වැනි අඩු මුදලකට බොහෝ රාජ්‍ය සේවකයන්ට සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ට පවා යතුරුපැදි බෙදා දී අවසානය. 

මෙය තනිකරම මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද ව්‍යාපෘතියක් වන අතර රුපියල් දෙලක්ෂ පනස්දහසක් වැනි වටිනාකමකින් යුතු යතුරු පැදි මේ යටතේ බෙදා දෙමින් සිටී.
එහෙත් යුද්ධයෙන් අනතුරුව රටේ විවිධ සංවර්ධන ව්‍යාපෘතිවලට යැයි කියමින් ත්‍රිවිධ හමුදා සොල්දාදුවන් දැඩි පීඩනයකට පත් කර ඇත. එසේ තිබියදී අනෙකුත් රාජ්‍ය සේවකයින්ට ලබා දෙන යතුරු පැදි සහනය ලබා නොදීම බරපතල තත්වයක් බව ඔවුන්ගේ මතය වී තිබේ.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X