___Advertisement___

 

test

Spice Up Your Blog

Friday, November 14, 2014

පාසල් සිසුන්ට මත් කුඩු විකිණූ අයෙකු අත්අඩංගුවට

තහනම් මත් කුඩු වර්ගයක කිලෝග‍්‍රෑම් 10ක තොගයක් සමග පුද්ගලයෙකු ආගරපතන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ මත්කුඩු වර්ගය පාකිස්තානයෙන් ආනයනය කර ඇති අතර, ග‍්‍රෑම් 18 බැගින් කුඩා ටින්වල අසුරා තිබුණු බවයි නෙත් නිවුස් වාර්තාකරු පවසන්නේ. ඒවා වැඩි වශයෙන් අලෙවි කර ඇත්තේ පාසල් සිසුන්ට බවද, එකක මිල රුපියල් 350ක් බවද විමර්ශනවලින් හෙළි කර ගැනුණා.

 අත්අඩංගුවට ගැනුණු පුද්ගලයා ආගරපතන ප‍්‍රදේශයේම පදිංචිකරුවෙක්. මේ අතර හෙරොයින් සන්තකව සිටි පුද්ගලයෙකු දෙහිගස්තලාව ප‍්‍රදේශයේදී ඊයේ දහවල් අත්අඩංගුවට ගැනුණා. ඔහු සන්තකයේ තිබූ හෙරොයින් ප‍්‍රමාණය ග‍්‍රෑම් 3යි මිලිග‍්‍රෑම් 980ක්.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X