___Advertisement___

 

test

Spice Up Your Blog

Thursday, November 20, 2014

මරණ දඩුවම නියමවු ධීවරයින්ට ජනපති සමාව

මෙරට අධිකරණය මගින් මරණ දඩුවම නියම වී පසුව ජනාධිපති සමාව යටතේ නිදහස ලැබූ ඉන්දීය ධීවරයින් පස් දෙනා චෙන්නායි නුවරට පැමිණ තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ඊයේ රාති‍්‍රයේ සිය රට පැමිණි මෙම ධීවරයින් අද දිනයේ ඔවුන්ගේ නිවෙස් බලා පිටත්ව යනු ඇති බවයි.  ඔවුන් සිය පවුලේ සාමාජිකයන් සමග එක්වන්නේ වසර 3 කට පසුව බවද එන්ඞීටීවී වෙබ් අඩවිය වාර්තා කළා.


කෙසේවෙතත් ඉන්දීය බුද්ධි අංශ නිලධාරීන් මෙම ධීවරයින් 5 දෙනාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිත බවද එහි සදහන්. 


මෙරට අධිකරණය මගින් මරණ ද`ඩුවම නියම වූ ඉන්දීය ධීවරයින් පස් දෙනාට ජනාධිපති සමාව හිමිවීම සම්බන්ධයෙන් ඉන්දියාවද සිය ප‍්‍රසාදය පළ කරනවා. මත්ද්‍රව්‍ය ප‍්‍රවාහනය සම්බන්ධයෙන් වරදකරුවන් වූ ඉන්දීය ධීවරයින් පස්දෙනෙකුට මෙරට අධිකරණය විසින් ඉකුත් දා මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවා

 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X