___Advertisement___

 

test

Spice Up Your Blog

Monday, November 10, 2014

ආශ්චර්යයේ පාලම වැසේ

2014 ජනවාරි මස 16වැනි දින දැවැන්ත ප්‍රචාරයක් ලබා දෙමින් ජනාධිපතිවරයා විසින් විවෘත කරනු ලැබූ වේයන්ගොඩ ගුවන් පාලම දින නියමයක් නොමැතිව වසා දමා තිබේ.
ගුවන් පාලම මත අතුරා ඇති කාපට් ගැලවී යාම නිසා එය අලුත්වැඩියා කිරීමට පාලම වසා දමා ඇති බව පැවසේ. පසුගිය 8වෙනි දින සිට පාලම වසා දමා ඇති අතර ඒ හේතුවෙන් වාහන ගමනාගමනයේදී දැඩි තදබදයක් නිර්මාණය වී තිබේ.
මාස 10ක් ඉක්ම යෑමටත් මත්තෙන් පාලම මෙසේ අබලන් වී ඇත්තේ නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකර ඇති නිසා බවට ප්‍රදේශවාසීන් චෝදනා කරයි.
එසේම පාලම මත දමා ඇති යකඩ තට්ටුද මේ වනවිට උස් පහත් වී ඇති බවත් පාලම මතින් බර වාහන ධාවනය කිරීම අනතුරුදායක මට්ටමක පවතින නිසා ඉදිරියේදී පාලම වසා දැමීමට සිදුවන බවට ප්‍රදේශවාසීන් පෙන්වා දේ.
ජනාධිපතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ ඇති මහාමාර්ග අමාත්‍යංශයේ ඉදිකිරීම්වල ප්‍රමිතිය පිළිබඳව මීට පෙරද අවස්ථා ගණනාවකදී දැඩි කතාබහට ලක්විය. කෝටි ගණන් විදේශ ණය ලබා ගනිමින් ඉදිකරනු ලබන මෙවැනි ව්‍යාපෘතිවලින් ජනතා ජීවිත බිල්ලට දමා ඇති බවත් කොමිස් මුදල් වෙනුවෙන් පමණක් මෙවැනි ව්‍යාපෘති සිදු කරමින් සිටින බවත් ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X