___Advertisement___

 

test

Spice Up Your Blog

Monday, November 24, 2014

යාපනය විශ්ව විද්‍යාලය පුරා කැළැ පත්තරයක්

යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකු සහ සිසුන් පස්දෙනෙකු වෙඩි තබා ඝාතනය කරණ බවට ඔවුන්ගේ නම් ඇතුළත් පෝස්ටර් යාපනය විශ්ව විද්‍යාලය පුරාම අලවා තිබේ. ඊයේ (24) වෙනිදා සිට මෙම කැළෑ පත්තර දැකගත හැකි බවයි වාර්තා වෙන්නේ.
මහාවීර සතිය සමරනු ලැබුව හොත් ඔවුන්ව කිසිදු අනුකම්පාවකින් තොරව ඝාතනය කරන බවටයි මෙම පෝස්ටර්වල සදහන් වන්නේ.

මියගිය එල්.ටී.ටී.යට යළි පණදීමට කිසිවෙකුටත් ඉඩ දිය නොහැකි බවද එසේ කරන්නන් හට දිය හැකි උපරිම දඩුවම දෙන බවද මෙම පෝස්ටර්වල සදහන් වෙයි.
යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරයෙකුගේ සහ සිසුන් පස්දෙනෙකුගේ නම් සදහන්වීමත් සමගම ඔවුන්ගේ ජීවිතවලට දැඩි අවදානම් සහගත තත්ත්වයක් උද්ගතව ඇති බව යාපනය විශ්ව විද්‍යාලයේ ආචාර්යවරුන්ගේ සංගමය සහ ශිෂ්‍ය සංගමය පවසයි.
දිනසේන රතුගමගේ - වවුනියාව




 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X