___Advertisement___

 

test

Spice Up Your Blog

Wednesday, November 12, 2014

සිසුවියට අතවර කළ පරිගණක ගුරාගේ වැඩ වරදියි

කටුවන ප්‍රදේශයේ ජාතික පාසලක වයස අවුරුදු 15 ක පාසල් ශිෂ්‍යයාවකට බරපතළ ලිංගික අතවර සිදුකළ එම පාසලේ පරිගණක ගුරුවරයෙකු එළඹෙන 24 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. 
තංගල්ල කාන්තා හා ළමා කාර්යාංශය විසින් අදාළ ගුරුවරයාව පසුගිය 10 වන දින අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ(11) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව අප වාර්තාකරු සඳහන් කරයි. 


මෙම පරිගණක ගුරුවරයා විසින් 2013 අප්‍රේල් මාසයේ සිට අදාළ ශිෂ්‍යයාව මහල් තුනකින් යුතු පාසල් ගොඩනැගිල්ලේ දෙවන මහලේ පිහිටා ඇති පරිගණක කාමරයේ දී පාසල් කාලය තුළ අවස්ථා කිපයකදී අතවරයට ලක් ඇති බව වාර්තා වෙයි. 

මේ සම්බන්ධයෙන් තංගල්ල කාන්තා හා ළමා කාර්යාංශය වෙත පෙත්සම් කීපයක්ද ලැබී ඇති බව සඳහන් වෙයි. 

එසේම අදාළ පරිගණක ගුරුවරයා වයස අවුරුදු 29 ක් වු එක්දරු පියෙකු වන අතර ඔහු විවාහ වී ඇත්තේද ගුරුවරියක සමඟ බව වාර්තාවෙයි.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X