___Advertisement___

 

test

Spice Up Your Blog

Saturday, November 15, 2014

ලෝකයෙන් වැඩිපුරම හෝන් ගහන්නේ ලංකාවේ.. දෙවැනි තැන ඉන්දියාවට

වාහනවල නළා ලෝකයෙන්ම වැඩිපුරම ශබ්ද කරන රට ලංකාව බව ප‍්‍රවීණ තාරකා විද්‍යාඥ ලේඛක හා ලංකා දැනුම බැංකුවේ සභාපති අනුර සී පෙරේරා මහතා පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ ලොව රටවල් රැසක සංචාරය කර,කළ සමීක්ෂණයකින් හා ලිඛිත තොරතුරු ඔස්සේ කළ අධ්‍යනයකින් අනතුරුව ඉහත තොරතුරු අනාවරණය වූ බවයි.

‘මේ සමීක්ෂණයට ඇමෙරිකාව, එංගලන්තය, ජපානය, තායිලන්තය, මැලේසියාව, ඉන්දියාව වගේ රටවල් රැුසක් යොදා ගත්තා. ලෝකයේ වැඩියෙන්ම හෝන් ගහන රට ලංකාව වෙද්දී දෙවැනියට වැඩියෙන්ම හෝන් ගහන්නේ ඉන්දියාවේ.


වැඩියෙන්ම හෝන් ගැසීමට ප‍්‍රධාන හේතු ලෙස අනාවරණය වූණේ ලංකාවේ මිනිසුන්ගේ ඉවසිල්ල් නැතිකම හා නූගත්කමයි.හෝන් එක කියන්නේ එක්තරා විදියක ආයුධයක්.ඒකෙන් මිනී මරන්න වුණත් පුළුවන්.ඩෙසිබෙල් 70ට වැඩි ශබ්ද මනුෂ්‍ය සෞඛ්‍යයට අහිතකරයි.මෙරට වාහනවල තියෙන නළා අති බහුතරයකින් පිටකරන ශබ්දය ඩෙසිබෙල් 70ට වැඩියි.එය මනුෂ්‍ය සෞඛ්‍යයට ඉතා අහිතකරයි.
එවැනි අහිතකර ශබ්දවලින් කර්ණ පටලයට හානි වෙනවා.එහි අතුරු ප‍්‍රතිඵල රාශියක් තියෙනවා.ශරීරයේ සමබරව බව නැතිවීම සහ ඉක්මන් කෝපය මින් ප‍්‍රධානයි.ලංකාවේ මිනිසුන්ගෙ ඉක්මන් කෝපයට එක හේතුවක් තමයි අධික හඩකින් යුත් නළා භාවිතය.

සමීක්ෂණයකින් හෙළි වුණු තවත් වැදගත් කරුණක් තමයි වැඩියෙන්ම හෝන් ගහන්නේ ප‍්‍රයිවට් බස් වලින් කියන එක.බස් රියැදුරන් කිසිදු ඉවක් බවක් නැතිව හෝන් ගහනවා.මේවා පාලනය කරන්න විධිමත් වැඩපිළිවෙළක් ලංකාවේ නෑ.පරිසර ඇමැතිවරයා සහ මධ්‍යම පරිසර අධිකාරිය හෝන් අවභාවිතය නියාමනය කරන්න වැඩසටහනක් දියත් කළා.ඒක එක දවසකට විතරක් සීමා වෙච්ච වැඩසටහනක්’ යයිද ඒ මහතා සදහන් කලේය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X