___Advertisement___

 

test

Spice Up Your Blog

Saturday, November 22, 2014

ලූනු ගොවියෝ දඹුල්ල වටලති

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලොකු ‍ලූනු ‍තොග රැගෙන ආ ගොවීන්ට සාධාරණ මිලකට විකුණාගත නොහැකි වීමෙන් ක්ෂණිකව උද්ඝෝෂණයකට පෙළඹී ඇත. තම අස්වැන්නට සාධාරණ මිලක් ලැබීමටනම් කිලෝවක් රුපියල් 90-95 අතර මිලකට අලෙවි කර ගත යුතු වුවද මේ වනවිට රුපියල් 40ක පමණ මිලකට පහත වැටී තිබේ.
ඉන්දියාවෙන් ආනයනය කර තිබෙන ලොකු ලූනු තොග නිසා තමන්ගේ අස්වනු විකුණාගත නොහැකිවීමෙන් මෙම තත්වය උදාවී ඇති බව එම ගොවීහු චෝදනා කරති.

මේ වනවිට අර්ථාපල් ආනයනය සඳහා පනවා තිබූ සීමාවන්ද ඉවත් කර තිබේ. මැතිවරණයක් ප්‍රකාශයට පත් කර ඇති අවස්ථාවක පවා ගොවීන්ට මෙවන් උද්ඝෝෂණ කිරීමට සිදුවීම පසුගිය කාලයේ මහින්ද රාජපක්ෂ පාලනය අනුගමනය කළ ආර්ථික ප්‍රතිපත්තිවල පලවිපාක බව දේශපාලන විශ්ලේශකයෝ පෙන්වා දෙති.










 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X