___Advertisement___

 

test

Spice Up Your Blog

Thursday, November 20, 2014

කන්න පුළුවන් දීසි (වීඩියෝ)

දීසි සේදීම හිසරදයක් ද? මුළුතැන්ගෙය තුළ ගොඩගැසුනු ඉඳුල් දීසි ගොඩ අවම කිරීමට බෙල්ජියන් ජාතිකයන් දෙදෙනෙකු අපූරු අදහසක් ලබා දී තිබේ.ඒ සාමාන්‍ය දීසි වෙනුවට ආහාර සමගම අනුභව කළ හැකි ආහාර රඳවනයකි.
එක් දිනක මිතුරු මිතුරියන් හට සාදයක් පැවැත්වීමෙන් අනතුරුව මුළුතැන්ගෙය තුළ ගොඩගැසුනු ඉඳුල් දීසි ගොඩ දැකීමෙන් මොවුන් මෙම අදහස පළ කර ඇත්තේ විහිළුවක් ලෙසිනි. කෙසේ වෙතත්,
මෙම අදහස ඉන් ඔබ්බට ගෙනයමින් අර්තාපල් පිෂ්ඨය, ජලය හා තෙල් යොදාගනිමින් මෙම නවනිර්මාණය සිදුකිරීමට ඔවුන් සමත් වී තිබේ.
ආහාර වර්ග රැසක් රඳවා ගැනීමට ශක්තිය ඇති මෙය දිරවන සුළු බවත්, පැණිරස හා කුළුබඩු සහිත සැර ආහාර වර්ග දෙකේම රසට හානිදායක නොවන බවත් මොවුන් පවසයි.
ඊට අමතරව, මෙම නිෂ්පාදනය පෝරණුවක බවා තැබිය හැකි බවත් වැඩිදුරටත් පැවසේ.
මේ වන විට මෙම නිෂ්පාදනයේ මූලාකෘතියක් පවා නිර්මාණය කර ඇති මොවුන් දෙදෙනා, මෙම නිෂ්පාදය පාදකකොටගෙන 'ඩූ ඊට්' නමින් සමාගමක්ද ආරම්භ කර තිබේ.


 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X