___Advertisement___

 

test

Spice Up Your Blog

Wednesday, November 19, 2014

ඉන්දියාවේදී ශ‍්‍රී ලාංකික සරණාගතයින් පිරිසක් දිවි හානි කරගැනීමට තැත් කරයි

ඉන්දියාවේ තිරුචි බන්ධනාගාරයේ විශේෂ කඳවුරක රඳවා සිටින ශ‍්‍රී ලාංකික සරණාගතයින් 20 දෙනෙකු දිවි හානි කරගැනීමට තැත් කර තිබෙනවා.‘ද ටයිම්ස් ඔෆ් ඉන්දියා’ වෙබ් අඩවිය සඳහන් කළේ ඔවුන් මේ වන විට ප‍්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවයි.
 නිදි පෙති අධික ලෙස පානය කර ඔවුන් දිවි හානි කරගැනීමට තැත්කර තිබෙනවා.
තිරුචි බන්ධනාගාරයේ මේ වන විට ශ‍්‍රී ලාංකික සරණාගතයින් 26 දෙනෙකු රඳවා සිටින අතර, ඔවුන් ඉකුත් සෙනසුරාදා උපවාසයක් ද ආරම්භ කළා. ඒ, තමන්ට එල්ල වී ඇති චෝදනා කඩිනමින් විභාග කරන ලෙස බලකරමින්.
නීති විරෝධීව ඉන්දියාවට ඇතුළු වීම සහ එල්.ටී.ටී.ඊ. සංවිධානයට සහයෝගය ලබාදීම ඔවුන්ට එල්ල වී ඇති චෝදනා වනවා.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X