___Advertisement___

 

test

Spice Up Your Blog

Sunday, November 16, 2014

අවි ආයුධ ගැන ලංකාවෙන් ඉගෙන ගන්න

බිම්බෝම්බ ඉවත් කිරිම සහ අවි ආයුධ පිළිබඳව ශ්‍රි ලංකාව සතු දැනුම බෙදා ගැනිමට හැකි බව එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනිවා හි ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා පවසයි. 

යුද්ධය පැවති සමයේ දි එල්.ටී. ටී. ඊ ය විසින් වළ දැමු බිම් බෝම්බ විශාල ප්‍රමාණයක් මේ වන විට ගොඩගෙන ඇති බව ආරියසිංහ මහතා පැවසුවේය. 

විශේෂයෙන් මේ හේතුවෙන් පුද්ගල නාශක බිම්බෝම්බ පිළිබඳව ශ්‍රි ලංකා ආරක්ෂක අංශ සතුව විශේෂ හැකියාවක් සහ දැනුමක් ඇති බව ඔහු පෙන්වා දි තිබේ.
 

සාම්ප්‍රාදායික අවි පිළිබඳ සමුළුවවේ අදහස් දක්වමින් එක්සත් ජාතින්ගේ සංවිධානයේ ජිනිවා හි ශ්‍රි ලංකා නිත්‍ය නියෝජිත රවිනාත ආරියසිංහ මහතා මෙම අදහස් පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. 

මේ අතර මෙම සමුළුවේ දි ලබන වසර සඳහා වූ සභාපතීත්වය ශ්‍රි ලංකාවට බාර දීමද සිදුවුණි. 

මීට පෙර මෙම සමුළුවේ සභාපතිත්වය ජිනිවා හි පෝලන්ත නිත්‍ය නියෝජිතවරයා විසින් දරනු ලැබුණි. 

මෙහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් රවිනාත ආරියසිංහ මහතා පවසා ඇත්තේ සාමය වෙනුවෙන් වූ එක්සත් ජාතින්ගේ භූමිකාව ශ්‍රි ලංකාව අනුමත කරන බවයි. 

ශ්‍රි ලංකාව ද එක්සත් ජාතින්ගේ සංවිධානයේ පාර්ශවකරුවෙක් වන අතර සාමය වෙනුවෙන් විශාල කැපකීරිමක් සිදුකරන බව ද ආරියසිංහ මහතා පවසා තිබේ.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X