___Advertisement___

 

test

Spice Up Your Blog

Friday, November 14, 2014

දුම්බර සුපිරි සිරකරුවන්ට තරු පහේ හෝටලයකින් කෑම

අධිකරණයෙන් සිර දඬුවම් නියම කර මහනුවර දුම්බර බන්ධනාගාරයේ රදවා සිටින සුපිරි සිරකරුවන් අට දෙනෙකුට දිනපතා රාත‍්‍රී ආහාරය මහනුවර සුඛෝපභෝගී හෝටලයකින් ගෙන එන බව ආරංචි මාර්ග පවසයි.

මෙහි පාලන කටයුතු සදහා පසුගියදා විශෝධන මධ්‍යස්ථානයක සේවයේ යෙදී සිටි නිලධාරියෙකු පත්කර එවීමෙන් අනතුරුව මෙවැනි තත්ත්වයක් හටගෙන තිබෙන බවද පැවසේ.

රේගු සහ වැට් බදු වංචා සදහා අධිකරණය මගින් වසර 20 සිට 60 දක්වා සිර දඩුවම් නියම වූ පුද්ගලයන්ද මෙහි සිටිති.
වෙනත් බරපතළ චෝදනාවලට ලක්වී වරදකරුවන් වී දඩුවම් වි`දින සිරකරුවන්ද වෙති.
ඔවුන්ගෙන් පිරරිකට අවශ්‍ය රාත‍්‍රී ආහාරය මහනුවර සුප‍්‍රසිද්ධ තරු පන්තියේ හෝටලවලින් ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් ඉහත සදහන් නිලධාරියා විසින් ලබා දී තිබෙන බවද වාර්තා වෙයි.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X