___Advertisement___

 

test

Spice Up Your Blog

Sunday, November 2, 2014

'ෆේස් බුක්' පින්තූරවලටත් පොලීසියට දඬුවම් -ජනපති

ෆේස්බුක් වෙබ් අඩවියේ වැටෙන පින්තූරවලටත් පොලිස් නිලධාරීන්ට දඬුවම් පමුණුවන බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.
ඒ මහතා මෙසේ පැවසුවේ,  පොලීසියේ සහ විශේෂ කාර්ය බලකායේ තෝරා ගත් විශේෂ පොලිස් නිලධාරීන් 5,000ක පිරිසක් ඊයේ (01) අරලියගහ මන්දිරයට කැඳවා පැවති වූ විශේෂ හමුවකදීය.
ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිත බව පැවසෙන ජනාධිපතිවරණයට පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු තනතුරු දරණ නිලධාරීන්ගේ සහය ලබා ගැනීම සදහා අතිවිශේෂ සංග්‍රහයක්  සමගින් මෙම සාදය සංවිධානය කර තිබිණ.
පොලිසියේ ගෞරවය හැල්ලූවීමට ඉදිරියේදී ඉඩනොතබන බව මෙහිදී අවධාරණය කල ජනාධිපතිවරයා, ඉතිහාසයේ පැවැති එවැනි තත්ත්වයන් දුරු කිරීම තමාගේ අරමුණ බවද සඳහන් කළේය.
එමෙන්ම අපරාධ තුරන් කිරීම වෙනුවෙන් පොලිසි නිලධාරීයා නිපුන පුද්ගලයෙකු බවට පරිවර්තනය විය යුතු බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X