___Advertisement___

 

test

Spice Up Your Blog

Wednesday, November 12, 2014

කරාපිටියේ වෛද්‍යවරයෙකුගේ ප්‍රහාරයකින් හෙද සිසුවෙකුට තුවාලයි

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයෙකු තමාට පහරදී අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බව කියමින් පුහුණුවන හෙද සිසුවෙක් ඉමදූව පොලීසියට පැමිණිල්ලක් කර තිබේ. 
ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ අංක 06 වාට්ටුවේ රෝගීන් පරීක්ෂා කරන අතරතුරදී අදාළ වෛද්‍යවරයාගේ ඇ‍ඟේ හැපීම නිසා ඔහු කෝපයට පත්වී තමාගේ කනට සහ ඔළුවට ගසා අස්‍යභ්‍ය වචනයෙන් බැණ වැදුණේ යැයි පහර කෑ හෙද සිසුවා විසින් ඉමදූව පොලීසියට පැමිණිලි කර ඇති බව  කියයි. 

වෛද්‍යවරයා පහරදීම නිසා නිවසේදී සිසුවාට වමනය ගොස් සෞඛ්‍ය තත්ත්වය අයහපත්වී ඇති අතර ඒ අනූව ඔහු ඉමදූව දිසා රෝහලට ඇතුළත් වී ඇත. 

දැනට සිසුවා ඉමදූව රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටී. 

සිද්ධිය වන අවස්ථාවේ හෙද සිසුවා නිල ඇඳුමින් සිටි අතර, ඒ අවස්ථාවේ හෙද නිලධාරින් මැදිහත්ව හෙද සිසුවා බේරාගෙන සිද්ධිය සමථයකට පත් කර ගැනීමට උත්සාහ දරා ඇත. 

අදාළ වෛද්‍යවරයාගෙන් ප‍්‍රකාශයක් සටහන් කර ගැනීමට කරාපිටිය රෝහල් පොලිසියට වෙත දන්වා ඇතැයිද පවසන ඉමදූව පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවයි. 

මේ අතර වෛද්‍යවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කර හෙද සිසුන් විසින් සංවිධානය කළ විරෝධතාවයක්ද ගාල්ල, ම‍හමෝදරදී අද දහවල් පැවැත්විණ. 



හෙද සිසුනට රෝහල් භූමියේ දී නිදහසේ සායනික පුහුණුව ලබාදීමට ඉඩදෙනු.

හෙද කමේ අරුත ගුටි කෑමද ?

අපගේ හෙද කාර්යය මණ්ඩලය ආරක්ෂාව ලබා දෙනු...

හෙද වෘත්තීයේ මුල් පුරුක රැක ගනු.....

ඇයි ගැහුවේ සිසුවාට.....

අතුල් පහර ලැබීමට තරම් කළ වරද කිව.....

සිසු හෙද පුහුණුවේ අරුත කම්මුල් පහරද ?

වෛද්‍ය සූධීර නොබෙල් ත්‍යාගයට හිසා කරයි.... 

විරෝධතා පාඨ ප්‍රදර්ශනය කරමින් ඔවුන් එසේ විරෝධතා දැක්වීය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X