___Advertisement___

 

test

Spice Up Your Blog

Saturday, November 15, 2014

5 හැවිරිදි දරුවෙක් මයික්‍රොසොෆ්ට් විභාගය සමත් වෙයි

එංගලන්තයේ කොවෙන්ට්‍රි ප්‍රදේශයේ වෙසෙන 5 හැවිරිදි පිරිමි දරුවෙකු මයික්‍රොසොෆ්ට් සමාගම විසින් පවත්වනු ලබන විභාගය සමත්වී ඇති බව වාර්තා වේ.
මෙම විභාගය සඳහා සමාන්‍යයෙන් පෙනීසිටින්නේ තොරතුරු තාක්ෂණ කාර්මික ශිල්පීන් (IT technician) බවට පත්වීමට බලාපොරොත්තු වන පුද්ගලයන් වේ.
මෙම විභාගය සමත්වීමත් සමඟ අයාන් කුරේෂි ලොව ලාබාලතම පරිගණක විශේෂඥයා බවට පත්වී තිබේ.

බීබීසී පුවත් සේවය අයාන්ගෙන් විභාගය පිළිබඳ විමසූ විට ඔහු පවසා ඇත්තේ එය අපහසු වුවත් විනෝදජනක වූ බවයි.
අයාන්ගේ පියා තොරතුරු තාක්ෂණ උපදේශකයෙකු වන අතර ඔහු ආයාන් කුඩා කාලයේදී ඔහුගේ පැරණි පරිගණක හා ක්‍රීඩා කිරීමට ඉඩදී තිබේ.කුඩා කළ සිටම උග්නවන දෙය ඉතා හොඳින් මතක තබා ගැනීමේ හැකියාවද අයාන් සතු වූ බව ඔහුගේ පියා පවසා ඇත.
අයාන් සතුව ඔහුගේම පරිගණක විද්‍යාගාරයක් මෙන්ම එහි ඔහු විසින් නිර්මාණය කළ පරිගණක ජාලයක්ද වන බවද පැවසේ.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X