___Advertisement___

 

test

Spice Up Your Blog

Saturday, November 8, 2014

තව වසර 40කින් හඳෙන් ගෙවල්ගත හැකියි !

තවත් වසර 40 ක් වැනි කාලයකදී සඳ මත ජනාවාස ඇතිකළ හැකි අභ්‍යාවකාශ ඒජන්සියේ පර්යේෂකයින් පවසන බව විදෙස් වාර්තාවල දැක්වේ.
සඳ මත ඉදිකළ හැකි නිවහනක සැළැස්මක් ඉදිරිපත් කරමින් යුරෝපා අභ්‍යාවකාශ ඒජන්සිය මේ බව පවසා තිබේ.
මෙම නිවහන තැනීමට යොදාගන්නේද සඳ මතින් ලබාගන්නා අමුද්‍රව්‍යවලින් වීමද විශේෂිතය.
ත්‍රිමාණ මුද්‍රණ තාක්ෂණය ආධාරයෙන් නිවස තැනීමට අවශ්‍ය කොටස් නිපදවා ගන්නා බව පර්යේෂකයින් කියා සිටී.
සඳ මත ශුන්‍ය ගුරුත්වය මගහැරවීමට, නිරන්තරයෙන් පතිත වන උල්කාපාත වර්ශාවන්ගෙන් ගැලවීමට, විකිරණශීලී කිරණයන්ගෙන් ඇතිවිය හැකි හානි වළක්වාගැනීමට උපක්‍රමයන්ද මෙම නිවහනේ භාවිතා වනු ඇත.
සිව් දෙනෙකුට පමණ පහසුවෙන් ලැගුම් ගැනීමට හා දෛනික කාර්යයන්හි යෙදීමට තරම් නිවස ප්‍රමාණයෙන්ද විශාල බව සඳහන්ය.
ඉතා සරල අයුරින් සැළසුම් කෙරී තිබුණද නිවස සවි ශක්තිය අතින් ඉහළින්ම සිටින බවද පර්යේෂකයින් කියයි.

 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X