___Advertisement___

 

test

Spice Up Your Blog

Monday, November 10, 2014

මළ සිරුරක් ඇදගෙන කි.මි 17ක් දුර ගිය වාහනය මාට්ටු

නාවලපිටියේ සිට ගම්පොළ දක්වා කිලෝ මීටර් 17 ක පමණ දුරක් මහාමාර්ගය දිගේ පුද්ගල මළ සිරුරක් ඇදගෙන ගොස් තිබු වෑන් රථය ගම්පොළ පොලිසිය විසින් සොයා ගෙන තිබේ. 

සී.සී.ටී.වි කැමරා පද්ධතිය තුළ පටිගත වී තිබු දර්ශන අනුව පරීක්ෂණ පවත්වමින් සිටි පොලිසිය දින 03 කට පසු මෙම වෑන් රථය සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය. 


කෙසේ වෙතත් සිද්ධිය සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන නොමැති අතර වෑන් රථය පොලිසිය භාරයට ගෙන ඇත. 

රියදුරු පවසා ඇත්තේ එය කුලී පදනම මත ලබාගත් වෑන් රථයක් බවයි. 

පසුගිය 06 වන දා නාවලපිටිය නගරයට ආසන්නව පිහිටි දුම්රිය මාර්ගයට නුදුරින් මළ සිරුරක් ඇති බවට බස් රථ රියදුරෙකු විසින් පොලිසියට දැනුම් දී තිබුණි. 

ඒ අනුව පොලිස් නිලධාරීන් එම ස්ථානයට පැමිණිය ද මළ සිරුර එම ස්ථානයේ නොමැති වීම හේතුවෙන් මාර්ගය දිගේ තිබු ලේ පැල්ලම් අනුව සිරුර සොයා ගත් බව පොලිසිය පැවසුවේය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X