___Advertisement___

 

test

Spice Up Your Blog

Sunday, November 9, 2014

බොරැල්ල කනත්තේ මිනී වළවල්වල මිල ගණන් ඉහලට.. වලක් 150,000යි..

කොළඹ නගර සභාව විසින් නගර සභාවට අයත් සුසාන භූමිවල කැබලි වටිනාකම පවතින මිලට වඩා දහගුණයකින් පමණ ඉහළ දැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව මළ සිරුරක් භූමදානය කිරීමට වර්ග අඩි හතරක භූමියක් වෙන් කෙරෙන අතර බොරැල්ල කනත්තේ පමණක් එම භූමි ප‍්‍රමාණයට ඉදිරියේදී රුපියල් එක්ලක්ෂ හැටදහසක මුදලක් අය කෙරේ. දැනට එම භූමි ප‍්‍රමාණයට අය කෙරෙන මුදල රුපියල් 15,000කි.

මාදම්පිටිය සුසාන භූමියේ බිම් කොටසක් සදහා පවතින මිල රුපියල් 12,500ක් වන අතර එය රුපියල් 75,000ක් දක්වා ඉහළ දමා ඇත.
ජාවත්ත සුසාන භූමියේ වර්ග අඩි හතරක බිම් කොටසක පවතින මිල රුපියල් 12,500කි. එම මුදල රුපියල් එක්ලක්ෂ දහදහස දක්වා ඉහළ නංවා තිබෙන බව වාර්තා වේ.
කිරුළපන සුසාන භූමියේ බිම් කොටසක් රුපියල් 7500ක මිලකට ජනතාවට ලබා දුන් අතර එය මේ වනවිට රුපියල් පනස්දහස දක්වා ඉහළ නංවා තිබේ.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X