___Advertisement___

 

test

Spice Up Your Blog

Friday, October 31, 2014

Google වෙතින් මිනිස් සිරුරේ ලෙඩ රෝග හොයන සෙවුම් පද්ධතියක්

පිළිකා හෝ හෘද රෝග ආදිය වැළඳීමේ අවදානම පිරික්සා බැලීම සඳහා මිනිස් සිරුර තුළට නැනෝ රොබෝවන් සහිත සෙවුම් පද්ධතියක් යෙදීමට ගූගල් සමාගම විසින් පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
ගූගල්හි රහසිගත පර්යේෂණ හා සංවර්ධන අංශය වන ගූගල් එක්ස් විසින් මෙම ව්‍යාපෘතිය මෙහෙයවනු ලැබේ.
මෙහිදී බෙහෙත් පෙත්තක් විසින් සිරුරට ඇතුළු කරන රතු රුධිරාණුවකින් 1/1000න් කොටසක් තරම් පළලින් යුතු නැනෝ රොබෝවන් විසින් රෝගී ෙසෙල සොයාගෙන ඒ පිළිබඳව අතේ පැළඳි සංවේදකයකට වාර්තා කරනු ඇත.

රුධිර ප්ලාස්මා ලබාදීමේදී මාරාන්තික එච්.අයි.වී වෛරසය ආසාදනය වී ඇතිදැයි සොයාබැලීම සඳහා යොදාගන්නා පර්යේෂණයේ නිර්මාතෘවරයා වන අණුක ජීව විද්‍යාඥ වෛද්‍ය ඇන්ඩෘ කොන්රාඞ් විසින් මෙම ව්‍යාපෘතියට නායකත්වය දෙන බව පැවසේ.
ඔහු පවසා ඇත්තේ රෝගයට ප‍්‍රතිකාර කිරීමේ තත්වයේ සිට රෝගයට පෙර එයට පිළියම් සෙවීම සහ නිවාරණය දක්වා ඖෂධ වල කාර්ය කොටස පරිවර්තනය කිරීම මෙම උත්සහයේ අරමුණ බවයි.
නැනෝ අංශු භාවිතා කිරිම මගින් මෙම ක‍්‍රියාව අණුක හා ෙසෙලික පරිමාණය දක්වා ව්‍යාප්ත කළ හැකි බවද ඔහු පවසා තිබේ.
වෛද්‍යවරයෙකු විසින් සිදුකරන  ඕනෑම පර්යේෂණයක් මෙම තාක්‍ෂණයෙන් සිදුකරනු දැකීම තම සිහිනය බවද කොන්රාඞ් පවසා ඇත.
කෙසේවෙතත් මෙම සිහිනය පල දැරීමට තවත් වසර 5-7ක් පමණ කාලයක් ගතවනු ඇති බව විචාරක අදහසයි.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X