___Advertisement___

 

test

Spice Up Your Blog

Sunday, October 26, 2014

'කොටි බියක් මවා ඡන්ද ගන්න හදනවා'

යුරෝපා අධිකරණය මගින් එල්ටීටීඊ සංවිධාය තහනම් කිරීමට පෙර ඒ පිළිබදව පැවති නඩු විභාගයේදී පාර්ශ්වකරුවෙකු ලෙස ඊට මැදිහත්ව එල්ටීටීඊ සංවිධානය පිළිබදව සැබෑ කරුණු ගෙන හැර පෑමේ වගකීමක් ආණ්ඩුව සතුව තිබුණද,  ආණ්ඩුව එම වගකීම පැහැර හැර ඇතැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙන බව ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය විසින් ප්‍රකාශයට පත් කරන ‘ඇත්ත‘ පුවත්පත කියා සිටී.
ආණ්ඩුව එසේ ක්‍රියා කළේ යුරෝපා සංගමය එල්ටීටීඊ තහනම ඉවත් කළ පසු ඉදිරි ජනාධිපතිවරණයේදී එය දේශපාලන වාසියට යොදා ගැනීමට බවද එම පුවත්පත අනාවරණය කරයි.

බටහිර රටවල් දෙමළ ඩයස්පෝරාව සමග කුමන්ත්‍රණයකට නිරතව සිටින බවත්, ඒ නිසා විධායක ජනාධිපතික්‍රමය අහෝසි කිරීම අනතුරුදායක බවත්, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ වන විට පුන පුනා පවසන්නේ ඒ අනුව බවද එම පුවත්පත් වාර්තාවේ දැක්වේ. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය දයාන් ජයතිලක මහතා පැවසුවේ, යුරෝපයේ කොටි තහනමට එරෙහිව දෙමළ ඩයස්පෝරාවේ පිරිස් නඩු පැවරූ අවස්ථාවේ මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය තමන්ගේ පැත්තෙන් කරුණු ඉදිරිපත් නොකිරීම නිසා,  එම තහනමට ඉවත් කර ගැනීමට ඔවුන්ට හැකිවූ බවය.
මේ අතර ඉකුත් බදාදා පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වූ එජාප නායකත්වය මණ්ඩල සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, එල්ටීටීඊ තහනම ඉවත් කිරීමේ තීරණයට එරෙහිව අභියාචනයක් කිරීම සදහා මාස 03ක කාලයක් ඇති නමුත්, ආණ්ඩුව ඒ සම්බන්ධයෙන් පියවර නොගන්නේ ජනාධිපතිවරණයේදී කොටි භීතිය අලෙවි කිරීමට බව අවධාරණය කළේය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X