___Advertisement___

 

test

Spice Up Your Blog

Thursday, October 23, 2014

රුසියන් යුද නැවක් කොළඹ වරායේ

රුසියන් නාවික හමුදාවට අයත් යුද්ධ නෞකාවක් වන “මොස්ක්වා” 23 වන දින උදෑසන කොළඹ වරායට පැමිණියේය. සුහද සංචාරයක් සඳහා මෙරටට පැමිණි එම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවිකසම්ප්‍රදායන්ට අනුව පිළිගන්නා ලදී. මෙම අවස්ථාවට සමගාමීව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති, අලෙක්සැන්ඩර් ඒ කාර්චවා මහතා සහ නෞකාවේ අණදෙන නිලධාරී, කපිතාන් සර්ජෙයි අයි. ටේ‍රානෙව් නාවික හමුදා මූලස්ථානයේ දී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා හමුවී සුහද පිළිසඳරක නිරත වූහ. මෙහිදී ඔවුන් අතර සමරු තිලිණ හුවමාරුවක් ද සිදුවිය.

මිසයිල ප්‍රහාරක වර්ගයට අයත් “මොස්ක්වා” යුද නැව දිගින් මීටර් 187ක් සහ බරින් ටොන් 9270ක් වන අතර, නෞකාවේ කාර්ය මණ්ඩලය නිලධාරීන් හා නාවිකයින් 514 කින් සමන්විත වේ. මෙම නෞකාව ඔක්තෝබර් මස 24 වන දින දක්වා කොළඹ වරායේ රැඳී සිටීමට නියමිතය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X