___Advertisement___

 

test

Spice Up Your Blog

Tuesday, October 28, 2014

අගහරු මත දරුවන් බිහිකරන්න උත්සාහයක්

අගහරු ග‍්‍රහයා මත මිනිස් ජනාවාසයක් ඉදිකිරීම සඳහා වන මාර්ස් වන් මෙහෙයුම මේ වන විටත් ආරම්භ කර තිබුණද එලෙස ගොඩනගන ජනාවාසයට සිය වර්ගයා බෝ කිරීම සඳහා හැකියාව පවතීද යන්න සැක සහිත බව වාර්තා වේ.
සූර්ය ග‍්‍රහමණ්ඩලයේ ග‍්‍රහලෝක අතරින් පෘථිවියෙන් පසු ජීවත්වීම සඳහා සුදුසුම ස්ථානය වන අගහරු මතට 2024දී පළමු පදිංචිකරුවන් සිව්දෙනා යැවීම මාර්ස් වන් හි පළමු ඉලක්කයයි.
මේ සඳහා මේ වන විටත් අයදුම්පත් 80000ක් ලැබී ඇති අතර ඉන් තෝරාගන්නා සිව්දෙනාගේ අගහරු චාරිකාව නෙදර්ලන්ත රියැලිටි ටී.වී වැඩසටහනක් වනු ඇත.
කෙසේවෙතත් මාර්ස් වන් ව්‍යාපෘතිය පවසන්නේ අගහරු මත දරුවකු බිහිකිරීම ඔවුන් වෙත පණවා ඇති නීති අතරින් එකක් වන බවයි.

අඩු ගුරුත්ව තත්වයකදී දරුවකු බිහිකිරිමට ඇති හැකියාව පිළිබඳව අවබෝධයක් නොමැති අතර කළලයක් එවැනි තත්වයකදී වැඩිය හැකිද යන්න පිළිබඳ ප‍්‍රමාණවත් අධ්‍යනයන් සිදුවී නැතැයිද මාර්ස් වන් පවසා තිබේ.
කෙසේවෙතත් සැබෑ අගහරු ජනාවාසයක් සඳහා වර්ගයා බෝ කිරීමේ හැකියාව යනු අත්පත් කරගත යුතු අභියෝගයක් ලෙස භාරගන්නා බව එහි අදහසයි.
පෘථිවියේ මෙන් 38%ක ගුරුත්වයක් සහිත අගහරු මත වායුගෝලය පර්යේෂණාගාර රික්තයක් තරම්ම තුනී වන අතර විද්‍යාඥයින් පවසා ඇත්තේ ලිංගික ක‍්‍රියාවන් අඩු ගුරුත්ව තත්වයකදී සිදුකිරිමේ අභියෝගය ජයගත හැකිවුවත් ලිංගේන්ද්‍රයන් කොස්මික් කිරණ වලට ලක්වී වඳභාවයට පත්වීමේ අභියෝගය මෙතෙක් ජයගැනීමේ ක‍්‍රමයක් නොමැති බවයි.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X