___Advertisement___

 

test

Spice Up Your Blog

Tuesday, October 28, 2014

වාහන මිල බහින්නේ මෙහෙමයි !

මෙවර අයවැයෙන් ආනයනික වාහන සඳහා පැවති බදු සරල කිරීම හේතුවෙන් වෑන් රථවල මිල විශාල ප‍්‍රතිශතයකින් පහත වැටෙනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය කියයි.
එසේම මේ බදු අඩුවීමේ වාසිය සඳුදා සිටම භුක්ති විදිමට හැකි බවද ඔහු පෙන්වා දෙයි.
මෝටර් රථ ආනයනයේදී පැනවෙන විවිධ බදු වෙනුවට මෙවර විශේෂ විධිවිධාන නිෂ්පාදන බද්දක් පැනවීමට යෝජනාවී ඇත.
මෙමඟින් වාහන ආනයනය කිරීමේදී මෙතෙක් අයකළ විවිධ බදු වෙනුවට සරල බද්දක් පනවා ඇති බව ලංකා වාහන ආයනයකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ සඳහන් කළේය.

ඒ අනුව ආනයනික වෑන් රථ සඳහා සියයට 152 ක්ව පැවති  ආනයනික බද්ද සියයට 98 දක්වා අඩු කර ඇති අතර මේ නිසා හයිඑස් වර්ගයේ වෑන් රථයක මිල රුපියල් ලක්ෂ 10 කින් පමණ අඩුවනු ඇති බව ඔහු කියා සිටියේය.
ඉලෙක්ටි‍්‍රක් මෝටර් රථ සඳහා පනවා තිබූ බදු සියයට 38 සිට සියයට 23 දක්වා අඩුවී ඇති නිසා එවැනි වර්ගයේ මෝටර් රථයක මිල රුපියල් ලක්ෂ දෙකකින් පමණ පහළ යාමට නියමිතය. එන්ජින් ධාරිතාව 2000 ට අඩු හයිබි‍්‍රඞ් මෝටර් රථයක් ආනයනය කිරීමේදී පැවති බද්ද සියයට 57 ක අගයකට රැගෙන විත් ඇති අතර මීට පෙර පැවති බද්ද වූයේ සියයට 60 ක් ලෙසය.
එහෙත් හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථයක මිලෙහි විශාල වෙනසක් අපේක්ෂා කළ නොහැකි බවද ලංකා මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා කියා සිටී.
ඉන්දියාවෙන් සහ චීනයෙන් මෙරටට ආනයනය කරන මෝටර් රථවලද මිල අයවැයෙන් පහත දමා තිබේ.
ඒ අනුව එන්ජිත් ධාරිතාව 1000 ට අඩු කුඩා වර්ගයේ මෝටර් රථවල මිලද ලක්ෂ දෙකකින් පමණ පහළ යනු ඇතැයි පැවසේ. ජපානය වැනි රටවලින් ආනයනය කෙරෙන පෙට‍්‍රල් භාවිතයෙන් ධාවනය වන මෝටර් රථවලට පනවා තිබූ බදු අඩු කර ඇත්තේ සියයට 200 සිට 175 දක්වාය.
කෙසේ වෙතත් හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථවල මිලට සාපේක්ෂව පෙට‍්‍රල් භාවිතයෙන් ධාවනය වන මෝටර් රථවල මිල ඉහළ අගයක් ගන්නා බැවින් ජනතාව හයිබි‍්‍රඞ් වර්ගයේ මෝටර් රථ මිලදී ගැනීමට පෙළඹෙනු ඇති බවටද විශ්වාසයක් පවතී.

 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X