අධික වේගයෙන් පැමිණි මෝටර් රථයේ වේගය පාලනය කර ගැනිමට රියදුරාට නොහැකිවීමෙන් එය උඩින් විසිවී ගොස් වටරවුමේ විදුලි පහනක් සවිකර තිබූ විශාල කොන්ක්රීට් කණුවේ ගැටී මෝටර් රථය උඩුකුරුව පෙරැලි විනාශ විය.
එහි බීමතින් සිටි දෙදෙනාට කිසිදු අනතුරක් සිදු නොවූ අතර එම මෝටර් රථය අනුරාධපුර මහනගර සභාවේ නාගරික මන්ත්රීවරයෙකුගේ බව අනාවරණය විය.
අනතුරෙන් මොටර් රථයට බරපතල අලාභහානී සිදුව තිබූ අතර වටරවුම ආසන්නයේ ලිහිසි තෙල් ගලා යාමෙන් මාර්ගයේ ගමනාගමනයටද පැය කිහිපයක් බාධා සිදුවිය.