___Advertisement___

 

test

Spice Up Your Blog

Friday, October 17, 2014

කොටියාට පණ දෙනතුරු බලා සිටියේ ඇයි?

විපක්ෂය ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට යයි
එල්.ටී.ටී.ඊ. සංවිධානයට පනවා තිබූ තහනම ඉවත් කිරීමට යුරෝපා සංගමය ක්‍රියාකරද්දී ශ්‍රී ලංකාව ඊට එරෙහිව කරුණු නොදැක්වීම සම්බන්ධයෙන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කිරීමට විපක්ෂය නියෝජනය කරනා දේශපාලන පක්ෂ තීරණය කර ඇත. යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ.යට එරෙහිව 2006 දී පැනවූ තහනම පසුගියදා ඉවත් කෙරින. එම තීන්දුවට පෙර ශ්‍රී ලංකා රජය පැත්තෙන් කරුණු දක්වන ලෙස යුරෝපා සංගමය දැනුම් දී ඇතත් ඒ පිළිබඳ කිසිවක් නොකිරීම සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්න කිරීමට සැලසුම් කර ඇත.

යුරෝපා සංගමයට ඒක පාර්ශ්විකව මෙවැනි තීන්දුවක් ලබාදීමට ශ්‍රී ලංකා විදේශ සේවය පදනම සාදා දී ඇති බැවින් ඒ පිළිබඳවද විපක්ෂය පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කරනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. අවස්ථා තුනකදී මේ පිළිබඳ කරුණු දක්වන ලෙස යුරෝපා සංගමය දැනුම් දුන්නත් ලිඛිතව හෝ කරුණු දක්වා මීට විරෝධය පළකිරීමට ආණ්ඩුව කටයුතු  කර නැතැයි විපක්ෂයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. විපක්ෂයේ පක්ෂ මෙම සතියේදී පාර්ලිමේන්තුවේදී මේ පිළිබඳ විරෝධය පළකිරීමට සූදානම් බවද ඔහු ප්‍රකාශ කළේය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X