___Advertisement___

 

test

Spice Up Your Blog

Friday, October 24, 2014

හිරේ දුක කියන්න සිරකරුවෝ වීදි බසිති

සිරගත ජීවිතයේ දුක්බර තත්ත්වය පිළිබඳ මහජනතාවට අවබෝධයක් ලබාදීම සඳහා සිරකරුවන් රඟ දක්වන වීදි නාට්‍ය මාලාවක් අපරාධ බහුලව පවතින ප්‍රදේශවල රඟ දැක්වීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇත. අපරාධ බහුලව පවතින ප්‍රදේශවල පාසල් නොයන ළමයින් අපරාධවලට යොමුවීම වැළැක්වීමට සහ අපරාධවලට යොමුවූවන් ඉන් ගලවා ගැනීම අරමුණු කරගෙන මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ.

සෑම බන්ධනාගාරයකින්ම තෝරාගත් කලාවට ළැදි සිරකරුවන් පිරිසක් මෙම නාට්‍ය මාලාව සඳහා තෝරාගෙන ඇති අතර ඊට අදාළ පුහුණු කිරීම් මේ වන විට සිදු වෙමින් පවතියි. බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතාගේ අදහසකට අනුව බන්ධනාගාර කොමසාරිස් (පුනරුත්ථාපන) ගාමිණී ජයසිංහ මහතා විසින් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවයි.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X