___Advertisement___

 

test

Spice Up Your Blog

Tuesday, October 21, 2014

සබරගමු සිසුන්ට ගැසූ සන්ධාන මන්ත්‍රි රිමාන්ඩ්

සබරගමුව සරසවි සිසුන්ගේ අට්ටාලයට ගිනි තබා සිසුන්ට ප්‍රහාරයක් එල්ලකර සැඟවී සිටි ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි ඇතුළු සැකකරුවන් පස්දෙනා ලබන 28 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට බළන්ගොඩ මහෙස්ත්‍රාත් ලලිත් කන්නන්ගර මහතා ඊයේ (20දා) නියෝග කෙළේය.

මේ සැකකරුවෝ පස් දෙනා සිද්ධියෙන් දින දහයකට පසුව ඊයේ පස්වරුවේ බළන්ගොඩ පොලිසියට භාර වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

ඉකුත් 10 රාත්‍රි පඹහින්න මංසන්ධියේ සත්‍යග්‍රහයක යෙදෙමින් සිටියදී සරසවි සිසුන් 11 දෙනකුට සහ ගම්වාසියකුට පහරදී තුවාල සිදු කිරීම ගැන සැකකරුවන්ට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. ගම්වාසියකුගේ ත්‍රිරෝද රථයකට පහරදී හානි සිදු කිරීම සහ වෙළෙඳසලකට පහරදීම ගැනත් සැකකරුවන්ට එරෙහිව පොලිසියට පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඉඹුල්පේ ප්‍රාදේශීය සභා මන්ත්‍රි ඉන්දික ජයමාන්න, චමින්ද විජයකුමාර, රුවන් චාමර, අනිල් ශාන්ත හා සද්ධාතිස්ස යන අය මෙසේ ලබන 28දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම විය.
බළන්ගොඩ පොලිස් ස්ථානාධිපති ගයාන් ප්‍රසන්න මහතා සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කෙළේය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X