___Advertisement___

 

test

Spice Up Your Blog

Friday, October 17, 2014

ඇප ලැබුණු ජයලලිතා පිළිගන්න තමිල්නාඩු වැසියෝ වීථි බසිති

තමිල්නාඩු හිටපු ප‍්‍රධාන අමාත්‍ය ජයලලිතා ජයරාම් මෙනෙවියට ඇප ලබාදීමෙන් අනතුරුව තමිල්නාඩු වැසියන් වීදි බැස ප‍්‍රීති ඝෝෂා පවත්වමින් සිටිනවා. ඉන්දීය මාධ්‍ය වාර්තා අනාවරණ කළේ බැංග්ලෝර් සහ චෙන්නායි නගරවල වැසියන් ද ජයලලිතා ජයරාම් මෙනෙවිය පිළිගැනීම සඳහා සූදානම් වෙමින් සිටින බවයි.

ජයලලිතා ජයරාම් මෙනවිය ඉදිරිපත් කර තිබූ ඇප අයදුම සලකා බැලූ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අද ඇයට කොන්දේසි සහිත ඇප 
ලබාදුන්නා.සිය පළමු ධූර කාලයේදී අයථා ලෙස ඉන්දීය රුපියල් කෝටි 66 කට අධික මුදලක් වංචා සහගත ලෙස උපයා ගැනීම හේතුවෙන් ජයලලිතා ජයරාම්ට වසර 4 ක සිරදඩුවමක් නියම කෙරුණා.

ඇයට හිමි වූ දඩය ඉන්දීය රුපියල් කෝටි සියයක්. පසුව ජයලලිතා ජයරාම් කර්නාටක මහාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කළද එය ඉකුත්දා ප‍්‍රතික්‍ෂේප කෙරුණා. ඉන් අනතුරුවයි ඇය වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට ඇප අයැදුමක් ඉදිරිපත් කෙරුණේ. 

 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X