___Advertisement___

 

test

Spice Up Your Blog

Wednesday, October 29, 2014

සමලිංගික ආදරය නොඉවසූ බස් රියදුරුට එරෙහිව පරීක්‍ෂණයක්

පිරිමි සමලිංගික යුවලක් බස් රථයක් තුළ සිපගනු දුටු රියදුරු කෝපාවිෂ්ඨවී ඔවුන් දෙදෙනා බස් රියෙන් බස්වා ගොස් ඇතැයි වාර්තා වේ.
අංක 89 දරන බස් රථයක් දකුණු ලන්ඩනයේ බ්ලැක්හීත් ප‍්‍රදේශය පසුකරමින් සිටියදී මෙය සිදුවී ඇත.  සමලිංගික සිපගැනීමෙන් උරණවී ඇති රියදුරු බැණවැදී ඇත්තේ තමන්ගේ බස් රථය තුළ එවැන්නක් සිදුවනු දැකීමට තමන් අකමැති බවයි.
විමතියට පත්වූ 23 හැවිරිදි ජැක් ජේම්ස් සහ ඔහුගේ මිතුරා රියදුරා බැණවදින්නේ තමන්ටදැයි විමසූ අවස්ථාවේදී තම රථයේ ක‍්‍රියාත්මක වන්නේ තමන්ගේ නීතිය බැවින් බසයෙන් ඉවත් වන ලෙස නියෝග කළ බව පැවසේ.

අගෝස්තු 8වනදා රාත‍්‍රි 10.30ට පමණ මෙය සිදුව ඇති අතර ජේම්ස් පවසා ඇත්තේ ඔවුන් නියම පිරිමින් නොවන බව රියදුරු විසින් පැවසූ බවයි.
තමන් මෙම සිදුවීම පිළිබඳව සීසී.ටී.වී කැමරා දසුන් පරීක්‍ෂා කරමින් ඇති බව ලන්ඩන් ප‍්‍රවාහන සේවය පවසා තිබේ.  එම සමාගමේ බස් රථ මෙහෙයුම් ප‍්‍රධානි කෙන් ඬේවිඞ්සන් පවසා ඇත්තේ තර්ජනයට ලක් නොවී ප‍්‍රවාහන සේවය ලබාගැනීමට සියලූම පාරිභෝගිකයන්ට අයිතියක් ඇති හෙයින් මෙම සිදුවීම බරපතල ලෙස සලකන බවයි.
මේ වන විට රියදුරා නිවාඩුගෙන ඇති අතර ඔහු යළි සේවයට වාර්තා කළ පසු පරීක්‍ෂණ කටයුතු සිදුකෙරෙනු ඇතැයි පැවසේ.
මේ මස මුලදී සෙයින්ස්බර් සුපිරිවෙළඳසැල තුළදී සමලිංගික කාන්තාවන් දෙදෙනෙකු සිපගනු දුටු තවත් පාරිභෝගිකයෙකු එයට විරෝධය දැක්වූ බවද වාර්තා විය.
 

Add This Transparent Notification Bar To Your Blog Transparent Notification Bar

X